ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් ත්‍රිව කරමින් ඊයේ (01) රාත්රියේදී දෙපාර්ශවයේ හමුදා අතර යලිත් වරක් සටන් ඇවිලී තිබෙනවා. ජම්මු හා කාශ්මීර් ඉදිරි ආරක්ෂක කළාපයේ පිහිටි අසාද් ප්‍රදේශයේ ගැටුම් දැඩිව පැවති බව මාධ්‍ය වාර්තා කර සිටියේය.
ඉන්දියාව සහ පාකිස්ථාන හමුදාව විසින් බර අවි සහ කෙටි දුර මිසයිල ප්‍රහාර එල්ල කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් කිහිප දෙනෙක් මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ඉන්දීය හමුදාව විසින් පාකිස්ථානයේ ඉලක්ක කර ගනිමින් එල්ල කරනු ලැබූ කෙටි දුර මිසයිල ප්‍රහාර දෙකක් අසාද් ප්‍රදේශයට ඉහළ අහසේදී සාර්ථකව විනාශ කිරීමට පාකිස්ථාන හමුදාව සමත්වී තිබේ.
පාකිස්ථාන හමුදා අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ගුවන් නියමුවා ඊයේ රාත්රියේදී යළි ඉන්දීයාව වෙත භාර දීමෙන් අනතුරුව යළි දෙපාර්ශවය අතර බර අවි ප්‍රහාරය ඇරඹුණු බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...