ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියළුමදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලයි.
අද (23)දින පාර්ලිමේන්තුවට අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ බැඳුම්කර හොරුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිතුමාට උපරිම සහාය ලබාදෙන බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අවභාවිතාවන්ට අනුබල දුන්නේයැයි පවසමින් බන්ධනාගාර ගත කළානම් මෙම බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට ඔප්පුවී තිබෙන සියළුම දෙනා වහාම අත්අඩංගුවට ගතයුතු බවද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...