දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන විමර්ෂණය කරන ලද ජනාධිපති කොම්ෂන් සභා වාර්තාව ගැන ඕනෑම අවස්ථාවක විවාදයකට ආණ්ඩුව සූදානම් බව සභානායක උසස් අධ්‍යාපන් හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (23) දින පර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

බඳුම්කර වාර්තාවේ පිටු 103ක් අඩු බවට ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වාර්තාව පිළිනොගන්නවානම් විවාදයක් ලබාදීමට නොහැකි බවයි. ඉන් පසුව ඒකාබද්ධ විපක්ෂයෙන් එම චෝදනාව එල්ලවූයේ නැත.

බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව විවාදයට ගන්නේ කවදාද කියා හෙට (24) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තීරණය කිරීමට නියමිතයි.

බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා 34 සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් අද (23) දින පාර්ලිමේන්තු‍වේ සභාගත කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More