දේශීය පුවත්

ශ්‍රි ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද වගකිවයුතු බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා නගයි.
එම ප්කෂයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා අද(23) වැනිදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ බැඳුම්කර හොරකම සිදුවන විට අනුර කුමාර දිසානායක මහතා ජාතික විධායක සභාව නියෝජනය කළ බවයි.

අමාත්‍ය මණ්ඩලයටත් ඉහළින් සිට රටේ සියලුම ආර්ථික කටයුතු ඇතුළු ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ ජාතික විධායක සභාව විසින් බවත් එම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ හොරකමටද ජාතික විධායක සභාව වගකිවයුතු බවත් මොහෙමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දූෂණ විරෝධි කමිටුව නියෝජනය කළ බවත් ඒ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාද එහි අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කළ බවද මොහොමඩ් මුසම්මිල් මහතා සිහිපත් කරයි.

දේශපාලන පළිගැනීම් සඳහා අදාළ කටයුතු ක්‍රියාත්මක කර ඒ සඳහා පැමිණිලි මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට(FCID) යොමු කළේ මෙම දූෂණ විරෝධි කමිටුව විසින් බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More