බැඳුම්කර කොමිසමට බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලැස්තිවී ඉන්නැයි රවී කරුණානායක මහතාට මතක් කර සිටින බව හිටපු අමාත්‍ය කොප් කමිටුවේ හිටපු සභාපති කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පැවසීය.
ගුණසේකර මහතා එසේ පැවසුවේ බැඳුම්කර වංචාව හා ජනාධීපති කොමිසමේ වර්තාව පිළිබඳව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවේදී බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ සාවද්‍ය තොරතුරු බවට රවී කරුණානායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...