දකුණු කාශ්මීරයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සමග ඇතිවූ සටනින් ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ සටන්කාමින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. එලෙස මියගිය ත්‍රස්තවාදීන් අතර පුල්වාමා ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවෙකුද සිටින බවයි වාර්තා වන්නේ.
මුඩාසිර් අහමඩ් ඛාන් හෙවත් “මොහොඩ් බායි” ලෙස හඳුනා ගෙන ඇති මෙම ත්‍රස්තවාදියා ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් 40 දෙනෙක් මරණයට පත් කරමින් පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බය නිර්මාණය කර ඇති බවයි හෙළිවී ඇත්තේ. ඔහු විසින් පුපුරණ ද්‍රව්‍ය සපයා ගනිමින් මරාගෙන මැරෙන බෝම්බය සාදා ඇත.
23 හැවිරිදි මුඩාසිර් අහමඩ් ඛාන් 2017 වසරේදී ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත සංවිධානයට එක්වී ඇති අතර ඔහුට ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සම්බන්ධයෙන් උපාධියක් හිමි අයෙක් බවයි ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇත්තේ.
කාශ්මීර ප්‍රාන්තයේ පිහිටි ඉන්දීය හමුදා භට කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාර රැසකට මුඩාසිර් අහමඩ් ඛාන් සෘජුව සම්බන්ධ අයෙක් බවයි හෙළිවී ඇත්තේ.
පුල්වාමා ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන් දෙදෙනෙක් මේ වන විට ඝාතනය කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ මේ වන විට සමත්ව තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...