සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික වෙළඳ සහ ආයෝජන සහයෝගීතාව ඉදිරියේදී තවදුරටත් වර්ධනයකර ගැනීමට කටයුතු කරන බව සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී ෂියැන් මහතා පැවසීය.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ මේ බව කියා සිටියේය.
දෙරට අතර ආර්ථික වෙළඳ සහ ආයෝජන සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ මෙහිදී නායකයෝ දීර්ඝ වශයෙන් සාක්ච්ඡා කළහ.
එමෙන්ම දෙරට අතර වෙළඳ කටයුතු ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනයෑමේ නිදහස් වෙළඳ ගිවිසුමකටද නායක දෙපළ ඉදිරියේ අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන් මහතා ඊට අත්සන් තැබූහ.
මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම් මගින් වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍ර තුළ දෙරටටම ප්‍රතිලාභ සැපසෙන නව අවස්ථා රැසක් ඉදිරියේදී නිර්මාණය වනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...