ජීවිතයට පැහැදිලි ඉලක්කයන් ඇතිනම් සාර්ථකවනු නියතය.
රටකට ද පැහැදිලි ඉලක්කයක් අත්‍යවශ්‍ය වෙයි.
දේශපාලන අරමුණු විවිධාකාර විය හැකිය.
සියල්ලෝ සිතනුයේ රට වෙනුවෙන් නම් දේශපාලන අරමුණු ද රට වෙනුවෙන් විය යුතුය.
කෙසේ වුවද දේශපාලනයේ නිරත බොහෝ පිරිසකට එල්ලවන්නේ චෝදනාය.
ජනතාව වෙනුවෙන් වූ නියෝජනය ජනතාව වෙනුවෙන්ම යොදවනවාදැයි සැක මතුවන්නේ එවිටය.
ඇතැම් දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාප හමුවේ ජනතාවටද නිහඬව සිටීමට සිදුව ඇති සැටි..!
වත්මන වන විටද රටේ පුරවැසියෙකුට ලක්ෂ ගණනක ණය ‘රට’ වෙනුවෙන් දැරීමට සිදුව හමාරය.
ලෝක බැංකුව ආදී ආයතන මෙන්ම ඇමෙරිකාව, චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් කිහිපයකින් ලබාගෙන ඇති ණය අනන්තය.
රටක් ලෙස අප ‘ණය උගුලක’ පැටලී සිටියි.
එයින් නිදහස්වීමේ ඉසව්වක්නම් පේනතෙක් මානයෙක නැත.
සිදුවන්නේ උපදින්නට පෙරුම්පුරනා ආත්ම ගණනක් දරුවන් ට පවා එම ණය හිස මත පැටවෙන බවකි.
මේ හිසරදයෙන් යම් තරමකට අස්වැසිල්ලක් ලබා දෙන කතාවක් ගෙන හැර පාන ඔහු රොහාන් පල්ලේවත්ත.
රොහාන් පල්ලේවත්ත මහතා සාර්ථක ව්‍යවසායකයෙක්.
ඔහු පැහැදිලි ඉලක්කයක් පනවාගෙන සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැරව නවතාවයෙන් යුතුව ආත්ම විශ්වාසය ගොඩනඟා ව්‍යාපාරික ලොව ජයගත් කෝටිපතියෙකි.
2006 දී ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයා වශයෙන් ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලද රොහාන් පල්ලේවත්ත මහතා තම ව්‍යාපාරය ගොඩනැඟීමේදී විවිධ වූ බාධක හා දුෂ්කරතාවලට මූහූණදී ඒවා ජයගෙන වොල්වො,ටොයොටා, නිසාන්, හොන්ඩා, මිටිසූබිෂි, මැස්ඩා සහ ෆෝඩ් වැනි ජාත්‍යන්තර පාරිභෝගික සමූදායක් දිනා ගැනීමට සමත් මෙරට රථවාහන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තියක් හිමිකරගෙන ඇත.
ලොව ජනප්‍රිය වාහන රැසක air bag sensor නිෂ්පානය කරනුයේ ද ඔහුට අයිති මෙරට සමාගමකය.
ඒ සඳහා පේටන්ට් අයිතිය ද ඔහු සතුය.
රටේ ණය බර එක දිනකින් ගෙවා දැමිය හැකි බව ඔහුගේ විශ්වාසයයි.
ඒ සඳහා ඔහු ජනපති ධුරය අපේක්ෂා කරයි.
2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඉන් ජය ලැබුවහොත් රටේ ණය එක දිනකින් ගෙවා දමන බව ඔහු පවසන්නේ ඉරිදා Apple පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...