ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතන අතරින් කිහිපයකට ස්වාධින කණ්ඩායම් මගින් තරඟ කරන බව එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
මේ වන විටත් තිරප්පනේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ සහ මහරගම නගරසභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයින් වෙනුවෙන් ස්වාධින කණ්ඩායම් දෙකක සහාය ලැබී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
එවැනි ස්වාධින කණ්ඩායමක සහායක් ලබාගැනීමේ හැකියාවක් නැති පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල පාක්ෂිකයින් වෙනුවෙන් ගන්නා විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවතින බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවද ඒ මහතා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...