ශ්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලූ ජනාධිපති කොම්ෂන් වාර්තාවේ පිටු සංඛ්‍යාව අඩු බවට තොරතුරු අනාවරණයවීමත් සමඟ පාර්ලිමේන්තුවේ මේ වන විට යම් උනුසුම්කාරී තත්වයක් ඇතිවී තිබේ.
අද (24) දහවල් 1.00ට පාර්ලිමේන්තුව රැස්වූයේ කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී රීති ප්‍රශ්නයක් මතුකරන ලද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ බැඳුම්කර වාර්තාවට පිටු හයදහස් ගණනක් ඇතුළත් බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දින ප්‍රකාශ කළ බවයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ පිටු එක්දහස් ගණනක් බවත් ඉතිරි පිටු පන්දහස් ගණනට සිදුවූයේ කුමක්ද කියාත් බන්දුල ගුණවර්ධන මහතා විමසන විට මැති සබය උණුසුම් විය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද ප්‍රකාශ කළේ මෙසේ පිටු සංඛ්‍යාව අඩුවීම බලවත් ප්‍රශ්නයක් බවයි.
ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ සම්පූර්ණ වාර්තාවක් බව ජනාධිපති ලේකම් වරයා සහතිකවීමෙන් පසුව යළිත් තවත් පිටු සංඛ්‍යාවක් තිබෙන බව ප්‍රකාශ කිරීම තුළින් කථානායකවරයා අපහසුතාවයට පත්වී ඇති බවත් මේ ගැන සත්‍ය දැනගැනීම සඳහා ජනාධිපති ලේකම් වහාම පක්ෂ නායක රැස්වීමට කැඳවන ලෙසද අනුර කුමාර දිසානායක මහතා විසින් ඉල්ලීමක් කරන ලදී.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ නඩු පවරන පුද්ගලයින්ට වාසි සිදුවිය හැකි නිසා ඇතැම් කොටස් ඉදිරිපත්කර නොමැති අතර ඉතිරි කොටස් කඩිනමින් පාර්ලිමේනතුවට ඉදිරිපත් කරන බවයි.
මේ අනුව අද (24) සවස පාර්ලිමේනතුවේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ජනාධිපති ලේකම්වරයා කැඳවීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...