දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයාබැලු ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභා වාර්තාව ගැන යම් ගැටළුවක් පවතිනවානම් ඒ ගැන සාක්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කරයි.

ඒ අනුව ජනාධිපතිවරයා සහ පක්ෂ නායකයින් අතර සාකච්ඡාව තවත් දින දෙක තුනකින් පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ.
මෙම කරුණු අනාවරණය වූයේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද(24) දින සවස 2.30 ට පාර්ලිමේනතුවේ කථානායක කාර්යාලයේ දී පැවති පක්ෂ නායක රැස්විමේ දීය.

බැඳුම්කර වාර්තාවේ පිටු සංඛ්‍යාව අඩු බව පවසමින් මෙම පක්ෂ නායක රැස්වීමට ජනාධිපති ලේකම්වරයා කැඳවිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයෙත් ජනතා විමුක්ති පෙරමුණත් පක්ෂ නායක රැස්වීමට පෙර කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණි.

පක්ෂ නායක රැස්වීම ආරම්භ කිරීමෙන් පසුව කථානායකවරයා දැනුම්දුන්නේ ජනාධිපති ලේකම්වරයා පක්ෂ නායක රැස්වීමට නොපැමිණෙන බවත් ඒ වෙනුවට මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා තීරණය කර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More