50කට අධික පිරිසකට ජීවිතය අහිමි වුනු නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේ වීඩියෝ දර්ශන ලක්ෂ 15 ට වැඩි සංඛ්‍යාවක් අන්තර්ජාලයෙන් ඉවත්වීමට පියවර ගත් බව ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර තිබෙනවා. එසේම ප්‍රහාරය සිදුවී පළමු පැය 24 තුළ අදාල සිදුවීම හා සම්බන්ධ වීඩියෝ මිලියන 1.5 ක් ඉවත් කර ඇති බවත්, ඉන් මිලියන 1.2 ක් යළි පළකිරීම වළක්වා ඇති බවත් ෆේස්බුක් සමාගම ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට අමතරව ක්‍රයිස්චර්ච් දේවස්ථානවලට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සංස්කරණය කර මුහුණුපොතට එක් කළ වීඩියෝ දර්ශනද ෆේස්බුක් සමාගම විසින් ඉවත් කරමින් සිටින බවයි එම සමාගම ප්‍රකාශ කර තිබුණේ.
කෙසේ වෙතත් මෙම ප්‍රහාර එල්ල කළ 28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටෙරන්ට් විසින් ප්‍රහාරයේ මුල් විනාඩි 17 සජීවී ලෙස ෆේස්බුක් හරහා විකාශය කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව නවසිලන්ත අගමැතිනි ජසින්ඩා ආඩින් ප්‍රකාශ කරනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...