දේශීය පුවත්

ගෘහස්ථ විදුලි පරිපථ පද්ධති සඳහා භාවිතා කරන අයිතම නිෂ්පාදන කිහිපයකට ලබන වසරේ ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය අනිවාර්යය කර තිබේ.

අංක 2048/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් වෝල්ටීයතාව වෝල්ට් 250ට අඩු අයිතම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය හෙවත් එස්. එල්. එස්. සහතිකය අනිවාර්යය කර ඇත.

මේ අනුව කම්බි මාරු කළ හැකි හා නොහැකි පේනු (ප්ලග්) සඳහා SLS 734 PART 1ස්විච් සහිත හෝ රහිත තෙවෙනි පිටවාන් විදුලි දිගු සහ අතේ ගෙනයාහැකි තෙවෙනි පිටවාන් සඳහා SLS 734 PART 2 ඇඩැප්ටර් සහ තනිපරිවර්තක ඇඩැප්ටර් සඳහා SLS 734 PART 3 විලායන සහිත සම්බන්ධිකාරක ඒකක සහිත හා රහිත කාණ්ඩ සඳහා SLS 734 PART 4 විලායන සහිත පරිවර්තක පේනු සඳහා SLS 734 PART 5 සහ පේනු හා තෙවෙනි පිටවාන් සවිකර ඇති කේබල් රීල් සඳහා SLS 1532 සහතිකයත් ලබාගතයුතු වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More