ජනාධිපති මහින්ද රාජපක්ෂ 2005 වසරේ නොවැම්බර් මස දී බලයට පත්වන්නේ රටම දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ පා සිටි සමයක දීය.. කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් පසු කිසිදු මහා පරිමාණ විදුලි ව්‍යාපෘතියක් ක්‍රියාත්මකවී නොතිබුන අතර වර්ශාව ලැබීම අනුව අඛණ්ඩ විදුලිය ලැබීම නොලැබීම ජන ජීවිතයේ සාමාන්‍ය තත්වයක් වී පැවතුනේ අනූව දශකයේ අගභාගයේ සිටය..
යුද්ධයේ විනාශයෙන් හා ආර්ථික අහේනියෙන් එකතැන පල් වෙමින් තිබුන රට නැවත ගොඩනැගීමේ දී මේ විදුලි අර්බූදයට කඩිනම් විසඳුමක් ලබා දී අඛණ්ඩ විදුලි සැපයීමක් ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය වූයේ මේ අර්බූදය රටේ ආර්ථිකයට පමණක් නොව ජාතික ආරක්ෂාවටද මරු පහරක් එල්ල කල නිසාය..දුර දක්නා නුවණින් යුක්තව සෘජු තීරණ ගත් මහින්ද රාජපක්ෂ රජය විදුලිය කැපීම නිමා කිරීමේ අරමුණින් නොරොච්චෝලේ ඉහළ කොත්මලේ ඇතුළු විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට තීරණය කල අතර ඒවාට ගත වෙන කාලය සැලකූ විට කඩිනම් විදුලි ජනනයක අවශ්‍යතාවය මතු වූයේ ඉලක්ක සහගත යුද්ධයකටද සැලසුම් සකස් වෙමින් තිබුනු නිසාය..
කෙරවළපිටිය තාප විදුලි බලාගාරය ශ්‍රී ලාංකේය ජනතාවට හිමි වන්නේ ඒ අනුවය.. මෙගාවොට් 300 ක බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කරන කෙරවළපිටිය මෙරට විශාලතම සංවෘත චක්‍රීය බලාගාරය වේ.. ශ්‍රී ලාංකේය ඉංජිනේරුවන් විසින් ඉදි කරන ලද මේ බලාගාරය නොරොච්චෝලේ බලාගාරයට පෙර මෙරට තිබූ විශාලතම බලාගාරය ලෙස වාර්තා පොතට එක්ව තිබේ… මීට පෙර විශාලතම විදුලි බලාගාරය ලෙස නම් දැරුවේ මෙගාවොට් 210 ක් නිෂ්පාදනය කළ වික්ටෝරියා බලාගාරයයි..
දැවි තෙල් හා ස්වභාවික වායු විදුලි ජනක දෙකකින් යුත් ප්‍රථම අදියරකින් සහ වාෂ්ප ටර්බයින් මගින් විදුලිය ජනනය කෙරෙන දෙවැනි අදියරකින්
මේ බලාගාරය සමන්විත විය..කෙරවළපිටිය විදුලි බලාගාරය දැවි තෙල්, ස්වභාවික වායු, ඔටෝ ඩීසල් යන ඉන්ධන ත්‍රිත්වයම භාවිත කර ක්‍රියාත්මක කරවීමට හැකි වීම සුවිශේෂත්වයකි.. බලාගාරය මගින් වාර්ෂිකව විදුලිය ගිගා වොට් පැය 1800 ක් නිෂ්පාදනය කෙරෙන අතර එය සමස්ත ජාතික විදුලි බල ඉල්ලුමෙන් සියයට 20කට ආසන්නය..
බලාගාර භූමිය ඉදිකිරීම සඳහා ව්‍යාපෘති භූමිය රතු පස් ඝන මීටර් 130000 ක් දමා පුරවන ලද අතර ව්‍යාපෘති භූමියේ සවි කර ඇති යන්ත්‍ර සූත්‍ර වල බර මෙට්‍රික් ටොන් 12000 ක් විය.. බලාගාරයේ සවි කෙරුණු යෝධ ටර්බයින දෙක ටොන් 200 ක බරකින් යුක්ත වූ අතර කොළඹ වරායේ සිට හැමිල්ටන් ඇළ ඔස්සේ ද.. පසුව රෝද 140 ක අති විශාල ටේලරයක් මගින්ද ඒවා ව්‍යාපෘති බිම කරා ගෙන යන ලදී..
‘යුග දනවි’ ලෙස නම් කෙරුණු මේ බලාගාරය ඉදි කෙරුණේ විදුලි බල මණ්ඩලයට සම්බන්ධ ‘ලක්දනවි’ ආයතනය මගින්.. මේ බලාගාරයේ අයිතිය ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන රැසක දායකත්වයෙන් යුත් ‘වෙස්ට්කෝස්’ සමාගමේය. එහි සියයට 55.7 ක කොටස් මහා භාණ්ඩාගාරය සතුය. ලෙකෝ සමාගම සියයට 16 ක් ද සේවක අර්ථ සාධක අරමුදල සියයට 23.9 ක්ද ලක් දනවි සමාගම සියයට 4.23 ක්ද දායකත්වය දෙයි.. මේ බලාගාරය සඳහා රුපියල් කෝටි 3200 ක් ආයෝජනය කරනු ලැබිනි..
ප්‍රථම අදියරේදී දැවි තෙල් මගින් ටර්බයින කරකවා මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර ප්‍රථම අදියරේ ක්‍රියාකාරීත්වයෙන් ජනනය වන අධික තාපය බොයිලරය හරහා ගොස් ජලය උණු කොට එම වාෂ්ප මගින් වාෂ්ප ටර්බයින කරකවා තවත් මෙගාවොට් 100 ක විදුලි බලයක් නිපදවෙයි.. 2008 නොවැම්බර් මසදී ප්‍රථම අදියර විවෘත කෙරුණු අතර 2010 පෙබරවාරි මස දී දෙවැනි අදියරද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතින් විවෘත කෙරිණි.
අඳුරට යමින් තිබූ රටක් ආලෝකමත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් සෘජු තීරණ හේතුවෙන් කෙරවළපිටිය තාප විදුලි බලාගාරය ජාතියට දායාද වූයේත් විදුලිය කැපීමේ කාළකණ්නි යුගයෙන් මෙරට ජනතාව වරක් ගලවා ගත්තේත් එසේය..
(නමුත් ඒ සංවර්ධන යුගය රැක ගෙන ඉදිරියට යනවා වෙනුවට නැවත අඳුරටම රට ඇද දැමුවේ මාසෙන් සියල්ල අමතක කාළකණ්නි මිනිසුන් පිරිසක් රටේ බහුතරය වීම නිසාය.. ප්‍රීතිමත් කරුවලක් ශ්‍රී ලංකා..)
Wishwa Chinthana
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...