හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් සහිත ජනාධිපති කොමිසමක් ඉදිරියේදී බොරු කාරයෙකු සහ වංචා කරයෙකු වී ඇති නිසා ඔහු කරන ප්‍රකාශ ශත පහකටවත් විශ්වාස කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අප කළ විමසීමකදී කියා සිටියේ කොමිසම ඉදිරියේදී බොරුකාරයෙකු බව ඔප්පුවූ රවී කරුණානායක මහතාට ජනාධිපතිවරයා හෝ ජනාධිපති කොමිසම විවේචනය කිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.
එම නිසා මෙවැනි බොරු කරයෙකුගේ අසත්‍ය ප්‍රකාශයට පිළිතුරු ලබාදීම කාලය නාස්තිකිරීමක් බවත් මෙම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනතුරු රටේ පොදු මහජනතාව බලාගෙන සිටින බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාතය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...