අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දරණ සියලු කැබිනට් අමාත්‍ය ධූරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය යොමුකළ ලිපිය සඳහා ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව ඒ පිළිබඳව ලිඛිතව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා දිගින් දිගටම පක්ෂයේත් කැබිනට් මණ්ඩලයේත් සාමූහික වගකීම උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වුණි.
එමෙන්ම පසුගිය සති අන්තයේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පක්ෂයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සාමූහික වගකීම කඩ කරමින් කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (22) සඳහන් කළේය.
ඒ අනුව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා දරණ සියලු කැබිනට් ධුරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...