දේශීය පුවත්

රුපියල් කෝටි 2 බැගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ පවතින අමාත්‍යංශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15 දෙනෙකුට අල්ලස් ලබාදුන බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට කඩිනමින් ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ රටේ දෙවන පුරවැසියා යටතේ තිබෙන අමාත්‍යංශය මගින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 30 ක් ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව ඉතා බරපතල නිසා කඩිනමින් මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට රටේ රාජ්‍ය නායකයා ක්‍රියාකළ යුතු බවයි.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර සිටිය දෙමළ ජාතික සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළේ ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් කෝටි දෙක බැගින් ලබාගැනීමෙන් අනතුරුව බවත් ප්‍රසිද්ධියේ චෝදනා කරන වන්නි දිස්ත්‍රික පාර්ලිමේනතු මන්ත්‍රි සිහශක්ති ආනන්දන් මහතා ඔහු අයවැයට එරෙහිව කතාකළ නිසා එම මුදල් නොලැබුණු බව ප්‍රකාශ කරන බවද උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයා යටතේ තිබෙන අමාත්‍යංශයෙන් විපක්ෂ නායක ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 15 දෙනෙකුට අල්ලස් ලබාදුන් බව එම සන්ධානයේම පාර්ලිමේනතු මන්ත්‍රිවරයෙකු කරනු ලබන මෙම බරපතල ප්‍රකාශය ගැන අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමද වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි සිහශක්ති ආනන්දන් මහතා විසින් එල්ල කරනු ලබන මෙම බරපතල චෝදනාව අග්‍රාමතාත්‍යවරයා හෝ ආණ්ඩුව මේ දක්වා ප්‍රතික්ෂේප කර නොමැති නිසා මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More