මන්නාරමේ සමූහ මිනී වලෙන් ලබාගත් ඇට කැබලි සාම්පල් 6ක් ඇමරිකාවේ බීටා ඇනල්ට්කා පර්යේෂණාගාරයේ දී කාබන් නීර්ණ පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව ඒවා ක්‍රිස්තු වර්ෂ 1499 සිට 1719 දක්වා කාලයට අයත් බව හෙළිදරව් විය. එම කැණීම් කටයුතු භාරව සිටි ප්‍රධාන විද්වත් නිලධාරීන් වන මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ මන්නාරම් අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිසි අවසරය නොමැතිව සහ අදාල කැණීම් කටයුතු විධිමත්ව අවසන් කිරීමට පෙර එම සාම්පල පරීක්ෂාවට ලක් කිරීමට තීරණය වන්නේ අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ යම් නිලධාරීන්ගේ මැදිහත්වීම මත බවද මේ වන විට හෙළිදරව් වී ඇත. එම වාර්තා ලැබීමට පෙර දෙමළ ඩයස්පෝරාව සහ ටී.එන්.ඒ. පක්ෂය විසින් එම මිනී වල යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ හමුදාවට සමූල ඝාතන චෝදනා එල්ල කිරීම සඳහා විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යනු ලැබීය. එම පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා ගැනීමට ඔවුන් විසින් උත්සාහ දරන්නේ මාර්තු ජිනීවා මානව හිමිකම් සැසියේ දී ඊට අදාළව විශාල ඝෝෂාවක් සිදු කිරීමට බව ඉතා හොඳින් පැහැදිලි විය.
එම තත්ත්වය තුළ කාබන් කාලනිර්ණ පරීක්ෂන වාර්ථා නිකුත්වීමත් සමග ටී.එන්.ඒ. පක්ෂය වික්ෂිප්ත වූ බව පැහැදිලි ව පෙනුණි. අධිකරණය හමුවේ පවතින ප්‍රශ්නයක් වුවද ඒ බව නොසලකා එම පරීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බවට එම පක්ෂයේ ප්‍රභලයින් විසින් රජයට බලපෑම් කරනු දක්නට ලැබුණි. දැන් ප්‍රචාරය වෙන හෝ බොහෝවිට ප්‍රචාරය කරනු ලබන කටකථා අනුව මිනී වළ වසා දැමීම සඳහා යම් පිරිසක් උත්සාහ කරන බව වාර්තා වේ. නමුත් එවැනි වුවමනාවක් යම් බලවේගයකට තිබිය හැකි වුවත් ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය ඇත්තේ අධිකරණයටය. එසේම එහිදී අධිකරණයට අදාළ තීන්දු ගැනීමට සිදුවන්නේ දේශපාලකයින්ගේ නිර්දේශ අනුව නොව කැණීම් කටයුතු භාර විශේෂඥයින්ගේ උපදෙස් මතය. විශේෂයෙන්ම පරීක්ෂණ වාර්තා අනුව එම මිනීවල පුරාවිද්‍යා ආඥා පනත යටතට වැටෙන බැවින් සහ පරීක්ෂණ වාර්තා සෙසු පුරාවිද්‍යා සාක්ෂි මගින් තහවුරු කළ හැක්කේ විශේෂඥ දැනුම සහිත නිලධාරීන්ගේ උපදෙස් මතය. ඒ අනුව මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් ජුනි 31වැනිදා වන විට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂඥ වාර්තාව අනුව මන්නාරම් මිනිවලේ ඉරණම තීන්දු වනු ඇත.
කෙසේ වෙතත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් අධිකරණයට ලබාදී ඇති වාචික උපදෙස් අනුව අදාළ වාර්තාව ඉදිරිපත් වන තෙක් දැන් නිරාවරණය වී ඇති ඇට කැබලි දේශගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා යම් පියවර ගැනීමට සිදුවේ. විශේෂයෙන්ම තෙතමනය නිසා ක්ශුද්‍රජීවී ක්‍රියාවලිය දිරිගැන්වෙන බැවින් එම ඇට කැබලි තාවකාලිකව ආවරණය කළ යුතු බවට මහාචාර්ය වරයා විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තාවේ. ඒ අනුව අදාළ ඇටකැබලි පොලිතීන් ආවරණයකින් වසා දමා ඒ මත තුනී වැලි තට්ටුවක් යෙදීමට අවසන් වශයෙන් තීරණය වූ බවද වාර්තාවේ. බොහෝ විට මිනී වළ වසා දමන බවට කටකතා පැතිර වීමට එම තීන්දුව භාවිතා කළා විය හැක. කෙසේ වෙතත් එම මිනීවල සම්පූර්ණයෙන්ම සදාකාලිකව වසා දැමීමේ වුවමනාවක් බොහෝ පිරිසකට තිබියහැක. එක් පැත්තකින් සමූල ඝාතන චෝදනා සිහිනය බිඳ වැටුණු පිරිස් වලට එවැනි උවමනාවක් තිබිය හැක. අනෙක් පැත්තෙන් යටත්විජිත ආක්‍රමණිකයන්ට විරුද්ධව චෝදනා එල්ල කිරීමට බියවන කළු සුද්දන්ට ද එවැනි උවමනාවක් තිබිය හැක.
ඔවුන්ගේ උවමනාව කුමක් වුවද මිනී වළ වසා දැමීමට හෝ ඊට අදාළ පුරාවිද්‍යා කැණීම් කටයුතු තවදුරටත් සිදු කිරීම් හෝ පවතින මට්ටමින් පුරාවිද්‍යා ස්ථානයක් ලෙස වැඩි දියුණු කොට පවත්වාගෙන යාම යන තීන්දුවලින් කුමන තීන්දුවක් අධිකරණය විසින් ගනු ඇත්ද යන්න තීරණය වන්නේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ වෝහාරික පුරාවිද්‍යා වාර්තාව අනුව ය. විනිසුරුවරයාගේ අතුරු නියෝගය මේ වනතුරු ලිඛිතව ලබා ගැනීම්ට හැකියාවක් නැතත් වාර්තාවන තොරතුරු අනුව අදාළ විද්වත් වාර්තාව මගින් සාමාන්‍ය විද්වත් මතයට අමතරව අධිකරණය විසින් මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත. එහි දී කාබන් නිර්ණ පරීක්ෂණ වාර්තාව යනු එක් සාක්ෂියක් පමණක් වන බැවින් සෙසු පුරාවිද්‍යාත්මක සාක්ෂි මත මහාචාර්ය්වරයාගේ නිගමන පදනම් වන බවට විවාදයක් නැත. ඒ අනුව බොහෝවිට එම වාර්තාව සමග අධිකරණයේ නඩු නිමිත්ත අවසන් වීමට ඉඩ ඇත. එවැනි තත්ත්වයකදී එම මිනී වළ පුරාවිද්‍යා ආඥා පනත යටතට වැටෙන බැවින් අධිකරණය විසින් අදාළ ස්ථානය පිළිබඳව ඉදිරි කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දීමට ඉඩ ඇත.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනට තමා යටතේ පවතින ස්ථාන පවා නඩත්තු කිරීමට සහ ආරක්ෂා කිරීමට නොහැකි තත්ත්වයක පවතින සම්පත් අඩු ආයතනයකි. එවැනි ආයතනකට මෙම ස්ථානයේ ඓතිහාසික සහ පුරාවිද්‍යා වටිනාකමට සාපේක්ෂව කටයුතු කිරීමට හැකියාවක් හෝ වුවමනාවක් ද තිබේද යන්න සැක සහිතය. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛතම සහ ජේෂ්ඨතම පුරාවිද්‍ය මහාචාර්යවරයෙකු විසින් සිදුකළ කැණීම් කටයුත්තක් පිළිබඳව ලබාදෙන අවසන් වාර්තාව අභියෝග කරමින් අදාළ කැණීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ නැවත සිදුකිරිමට ආචාරධර්මානුකූල ව ඉඩක් නැත. එසේම එම මිනීවල යොදා ගනිමින් අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයාට අභියෝග කිරීමට හෝ ඊට අදාළව මහජනයා හෝ රජය දැනුම්වත් කිරීමේ උවමනාවක් එම දෙපාර්තමේන්තුවට තිබෙනවා යැයි සිතිය නොහැක.
බටහිර අධිරාජ්‍යවාදී ආක්‍රමණයට වසර 500 ක් පිරීම නිමිත්තෙන් 2005 දී පෘතුගීසින් ලංකාවට කැඳවා උත්සවයක් පැවැත්වීමට කල්පනා කළ දේශපාලකයින් සිටින රටක රාජ්‍ය නිලධාරීන්ට එවැනි සිත් පහල වේ යැයි සිතිය හැකි ද? මෑත කාලීනව ජිනීවා මානව හිමිකම් සමුළුව ආශ්‍රිතව ශ්‍රී ලංකාවට එරෙහිව සිදුවන රාජතාන්ත්‍රික ආක්‍රමණයට රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණදෙන දුර්වල ආකාරය දෙස බලන විට බටහිර ආක්‍රමණිකයාට එරෙහිව ඇඟිල්ලක් එසවීමට හැකියාවක් අප රටේ පාලකයින්ට තිබෙනවා ද යන්න සැක සහිතය. සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් විසින් හෙළිදරව් කොට තිබූ ආකාරයට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ”අභිසාරිකාකරණය” වී ඇත. එසේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කිරීමේදී අභිසාරිකාවක් ලෙස ලැබෙන වාසියට අනුව තීන්දු ගන්නා බවට ඇමරිකාවේ හඩ්සන් ආයතනයේ ප්‍රකාශනයක සඳහන් වන බව එම පුවත්පත වාර්තා කොට තිබුණි. එහි විශේෂත්වය වන්නේ එම ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආරක්ෂක මධ්‍යස්ථානය නම් වූ ආයතනයක ප්‍රධානියා විසින් සිදු කිරීමය. බ්‍රිතාන්‍ය පාලකයින් ශ්‍රී ලංකාවට අභූත ලෙස යුද අප අපරාධ චෝදනා එල්ල කරන්නේ තමන්ගේම ආරක්ෂක උපදේශකයා ශ්‍රී ලංකාවේ සිට ලබාදුන් වාර්තා වලට පටහැනිව ය. එම වාර්තා මත පදනම්ව බිතාන්‍යයේ සාමි මණ්ඩලයේ ජේෂ්ඨ සභික නෙස්බි සාමිවරයා ඊට අදාළව සාක්ෂි සහිතව වාර්තා ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන යුද අප අපරාධ චෝදනා නිශේධනය කොට ඇත. අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙවරජිනීවා සමුළුවේදී බ්‍රිතාන්‍යෙය් දෙබිඩි ප්‍රතිපත්තිය ගැන දැඩි ලෙස විවේචනය කළේය.
ශ්‍රී ලංකාවේ රජයේ විසින් පරාජය කරන්නේ රට බෙදීම සඳහා දියත් කළ ත්‍රස්තවාදී යුද්ධය ක්ය. නමුත් බ්‍රිතාන්‍යයන් 1818දී ජනගහනයෙන් සියයට හතක් දක්වා ජනතාව මරා දමන්නේ ඔවුන් විසින් ආක්‍රමණයය කළ සවයිරි රාජ්‍යයක නිරායුධ සිවිල් වැසියන් මර්දනය කොට යටත් කිරීම් සඳහාය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයන් විසින් සිදුකළ යුද අපරාධ වලට වඩා පෘතුගීසි පාලකයින් විසින් සිදුකළ යුද අපරාධ ඉතාමත් මිලේච්ඡ සහ සාහසික වූ බවට සාක්ෂි ඇත . ඒ නිසා පෘතුගීසී පාලන යුගයේදී සිදු වූ මහා පරිමාණ ඝාතන වලට සම්බන්ධ යැයි සැක කෙරෙන මන්නාරම් සමූහ මිනීවල මුල්කරගෙන වැඩිදුරටත් පරීක්ෂණ සිදු සිදුකිරීම ඉතා වැදගත් වෙයි. දැන් පරණ කතා වැඩක් නැති බවට යම් දේශපාලන නපුන්සකයින් මත පළ කිරීමට ඉඩ ඇත. එසේ නම් එම මතය ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා වලටද අදාල කළ ගත හැක.
මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ වාර්තාවේ කුමක් අඩංගු වේ දැයි අනාවැකි කිව නොහැක . නමුත් එම වාර්තාව ප්‍රසිද්ධ වූ පසුව එම තාක් තාක්ෂණික වාර්තාව මත පදනම්වව දේශපාලන මත ප්‍රකාශ කිරීමට බාධාවක් නැත. පෘතුගීසීන් ලෝකයේ බිහිවූ ම්ලේච්ඡතම යටත් විජිත පාලකයන් බවට පැහැදිලිය ඓතිහාසික සහ සාක්ෂි ඇත. බ්‍රිතාන්‍ය ජාතික කපිතාන් රොබට් පර්සිවල් මහතා විසින් රචිත An Account to Island of Ceylon ග්‍රන්ථයේ සඳහන් ආකාරයට එක්දාස් 1591 යාපනය සටනේදී සිවිල් වැසියන් 5000ට අධික පිරිසක් යාපනය සහ වන්නි ප්‍රදේශ වලදී ඝාතනය වී ඇත. ඉන්පසුව 1619 දි පෘතුගීසි පාලනයට එරෙහිව පැන නැඟුණු කැරැල්ල මැඩ පැවැත්වීමේදී මහ ජන සංහාරයක් සිදු කොට ඇත. ඊට වැඩි වශයෙන් ම ගොදුරු වී ඇත්තේ කතෝලික ආගම වැළඳ ගැනීම්ට එක්ඟ නොවූ ජනයා බවට මතයක් ඇත.පෘතුගීසි පාලන කාලය පිලිබදව ශ්‍රීමත් ෂෝල්. ඊ . පීරිස් මහතා විසින් 1913දී තැබූ සටහන් වලින්ද ඒ බව තහවුරුවේ.
එම ජන සංහාරයෙන් පසුව 1630 දී පමණ ආරම්භ කළ දුම්කොළ වගාව සහ මුතු කැඩීමේ ව්‍යාපාරය සඳහා ඉන්දියාවේ කොරමැන්ඩල් ප්‍රදේශයෙන් දස දහස් ගණනක් කම්කරුවන් පවුල් පිටින් වහලුන් ලෙස රැගෙන ආ බවටද සාක්ෂි ඇත. ඒ ආකාරයට රැගෙන ආ පිරිස් පදිංචි කොට දුම් කොල වගාව ව්‍යාප්ත කිරීම සඳහා ආඬි ළිං 80000ක් කරවූ බවට වාර්තා වේ. ඒ අනුව යාපනය සහ වන්නි ප්‍රදේශවල ජනගහනයේ සංයුතිය පෘතුගීසීන් විසින් තමන්ට අවශ්‍ය ආකාරයටට වෙන්ස් කළේ කෙසේදැයි පැහැදිලි වේ. ජනගහනය මිලියනයක් සිටී. පෘතුගාලය විසින් දකුණු ඇමෙරිකාව, අප්‍රිකාව සහ ආසියාව ආක්‍රමණය කිරීමට සමත්ව වන්නේ ඔවුන් තුළ වූ කෘරත්වයේ ගුණය නිසා බවට ප්‍රබල මතයක් ඇත. ඔවුන් ආක්‍රමණයේ දී එක් අතකින් බයිබලයත් අනිත් අතින් කඩුවත් රැගෙන ජනතාව ට අභියෝග කළ බව පැවසේ. ඒ අනුව යටත් වී ආගම වෙනස් කිරීම්ට අකමැති නම් පිළිතුරු කඩුවට ගෙල දී ම බවට මතයක් සමාජගත විය.
පෘතුගීසීන් විසින් සිදු කළ ජන සංහාරයට වඩා ඔවුන් විසින් ශිෂ්ටාචාරයේ උරුමයට සිදුකළ විනාශය ප්‍රබල වූ බවටද මතයක් ඇත. කැළණි රජමහ විහාරය සහ දළදාගෙය බිමට සමතලා කිරීමට කපිතාන් ඩීඕගෝ ද මෙලෝ දෙවරක් සිතුවේ නැත. එම විනාශයට එරෙහි වූ සියලු කැරලි කරුවන් කැලණි ගඟේ ගිල්වා මරා දැමීමට ඔහු විසින් ගනු ලැබූ තීන්දුව යටත් විජිත පාලකයන් ගේ ප්‍රශංසාවට ලක්විය. එපමණක් නොව 1557 දී ආරම්භ වූ මෙම ශිෂ්ඨාචාරය විනාශ කිරීමේ මෙහෙයුමේ දී ආසියාවේ ඒ වනවිට පැවති විශිෂ්ඨතම විශ්වවිද්‍යාල ත්‍රිත්වය ලෙස සැලකූ සුනේත්‍රා දේවි පිරිවෙන, වීදාගම පිරිවෙන් සහ තොට ගමුවේ පිරිවෙන් ගිනිතබා පොත්පත් විනාශ කොට ඒවියේ වැඩවාසය කළ මහා සංඝරත්නයසමූහ ගත් ඝාතනයට ලක්කිරීමට පෘතුගීසීන් ක්‍රියා කළේය.
අද අප රටේ පාසල් වල ඉතිහාස උගන්වන්නේ නැත. ඒ නිසා රටේ ජනතාවට ජාතියක් ලෙස තමා අද සිටින තත්වයට පැමිණි ආගමන තුළ විවිධ වකවානු තුළ තම මුතුන් මිත්තන් මුහුණ දුන් අභියෝග පිළිබඳ අවබෝධයක් නැත. ඒ අවබෝධය අවශ්‍ය වන්නේ කිසිවෙකුට වෛර කිරීමට නොව සත්‍යය දැකීම තුලින් අනාගත අභියෝග ජය ගැනීම සඳහාය. ඒ නිසා අහම්බයක් ලෙස මතු වුවද මන්නාරම මිනී වල එම ජාතික ව්‍යායාමය සදහා යොදාගැනීම ප්‍රඥාගෝචර නොවන්නේද.
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...