දේශීය පුවත්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් තෝරාපත්කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තරඟ කළ වෛද්‍යවරුන් හතර දෙනාම ජයග්‍රහණය කර ඇත.
ඒ අනුව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, වෛද්‍ය නලින් ද හේරත් සහ වෛද්‍ය නවීන්ද සොයිසා සහ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ යන මහත්වරු වෛද්‍ය සභාවේ සාමාජිකත්වයට තේරිපත්ව සිටිති.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ද පාදෙනිය මහතා ඡන්ද 6254ක්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් නලින්ද හේරත් මහතා ඡන්ද 5676ක්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හැරිස් පතිරගේ මහතා ඡන්ද 5250ක්, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නවීන්ද සොයිසා මහතා ඡන්ද 5117ක් ලබා මෙසේ තේරී පත්ව ඇත.

සිය ජයග‍්‍රහණය ගැන අදහස් පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ ඇමති රාජිත සේනාරත්නගේ දේශපාලන න්‍යය පත‍්‍රය පරාජය කිරීම මෙම නිලවරණ සටනේ අරමුණ වූ බවත් සයිටම් වෙනුවෙන් පෙනී සිටි අපේක්‍ෂකයා නිලවරණයේදී 13 වැනි ස්ථානයට පත්ව ඇති බවත්ය.

පරාජය වේලාසනින්ම දැනගත් ඇමති රාජිතගේ කණ්ඩායම විසින් තම විධායක සභිකයෙකුට පහර දුන්නේ නිලවරණය කඩාකප්පල් කිරීමට බවත් ඔහු කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More