පළාත් පාලන ආයතන මැතිවරණයට සමගාමීව ඊයේ (25) දිනයේදී පැවති තැපැල් ඡන්ද භාවිත කිරීම සාධාරණව සිදු වූ බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
සුළු සිද්ධීන් වාර්තා වුවත් එම සිදුවීම්වලින් තැපැල් ඡන්ද භාවිත කිරීමට කිසිදු බාධාවක් සිදු නොවූ බවද එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා නම්කර තිබූ දින 05ක කාලයෙන් ඊයේ දිනය දෙවැනි දිනය වූ අතර තුන්වැනි දිනය අද(26)දා දිනයේදී පැවැත්වේ මෙම දින තුනේදී ඡන්දය භාවිත කිරීමට නොහැකි වන පිරිස්වලට පෙබරවාරි පළමු වැනි දින හා දෙවැනි දින අවස්ථාව සලසා දී තිබේ.
අද දිනය තුළදීත් තැපැල් ඡන්දය භාවිත කිරීම පිළිබඳව නිරීක්ෂණය කරන බවද පැෆරල් සංවිධානය හා මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...