ආසන්න සති කිහිපය තුලදී වාර්තා වුණු ගිනි කඳු පිපිරීම් සහ භූකම්පන සඳහා මූලිකවම හේතුව පැසිෆික් ගිනි වළල්ලේ සිදුවුණු සක්‍රියවීම බව එක්සත් ජාතීන්ගේ ආපදා අවදානම් අවම කිරීමේ කාර්යාලය පවසයි.
ඒ අනුව පිලිපීනයේ මෙයොන් ගිනි කන්ද පුපුරා ලාවා ගලායාම ජපානයේ භුකම්පනයත් සමගම හටගත් හිම කඳු කඩා වැටීම සහ ඇලස්කාවේ වෙරළ තීරයේ හටගත් රික්ටර් පරිමාණ 7.9 ක භූකම්පනය යනාදිය මේ සඳහා හේතු ලෙස ඔවුන් පෙන්වා දෙයි.
මේ තත්වයෙත් සමගින් එම කලාපය තුළ දැඩි අවදානම් තත්වයක් හටගෙන ඇති අතර ඉදිරියේදී මීටත් වඩා දරුණු භූකම්පන ඇතුළු සිදුවීම් රැසක්ම හට ගැනීමේ හැකියාවක්ද පවතින බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.
විශේෂයෙන්ම ආසන්නතම සිදුවීම්වලට පෙරාතුව ඉන්දුනීසියාවේ පමණක් සිනබුන්ග් ගිනි කන්ද සහ අගුන්ග් ගිනි කන්ද විදාරණයට ලක්වීම සහ ඉන්දුනීසියාවේම බටහිර ජාවාහි සිදුවුණු රික්ටර් පරිමාණ 6ක භූකම්පනයත් එක්සත් ජාතීන්ගේ සංවිධානය උදාහරණ ලෙස පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...