දේශීය පුවත්

තමා මීළඟ ජනාධිපතිවරණයට තරඟ කරනවාද නැද්ද කියා තවම තීරණයක් ගෙන නොමැති බවත් එය ඉදිරියේදී තීරණයවනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අද(26) පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මීළඟ ජනාධීපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නොමැති වුවද තමා අඛණ්ඩව දේශපාලනයේ නිරතවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබේ. මීට අමතරව රටේ ආර්ථිකය, භාණ්ඩාගාරයේ මුදල් හැසිරවීම, බැඳුම්කර හොරුන්ට දඬුවම්දීම, පළාත් පාලන මැතිවරණය ඇතුළු වර්තමාන දේශපාලන තත්වය ගැනද ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත්කර ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More