ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ හා බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පෙබරවාරි 20, 21 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට තීරණය කළේ සියලුම පක්ෂ නායකයින්ගේ එකඟතාවයෙන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින්ද ඊට එකඟවූ බවත් සභා නායක උසස් අධ්‍යාපන් හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
මෙම විවාදය පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දයෙන් පසුව පැවැත්වීමට සියලුම පක්ෂ නායකයින් එකඟවූ බවත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ද ඒ අතර සිටි බවත් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...