ඊශ්‍රායල් මහ මැතිවරණයේ මූලික ප්‍රතිඵලවලට අනූව පැහැදිලි ජයග්‍රහනයක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනූව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂා බෙනී ගාන්ට්ස් සම තත්වයක සිටින බව වාර්තා වේ.
හිටපු හමුදාපති බෙනී ගාන්ට්ස්ගේ නිල් හා සුදු සන්ධානය එරට පාර්ලිමේන්තුවේ ආසන 36ක් හෝ 37ක් ජයග්‍රහණය කරනු ඇති බවට මත පළ වී තිබේ. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ආසන 33ක් හෝ 36ක් ලබාගනු ඇති බවට මත පළවී තිබේ. දෙදෙනාටම ජයග්‍රහණය කිරීමට අවස්ථාව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් අග්‍රාමාත්‍ය නෙතන්යාහු හට වැඩි අවස්ථාවක් ඇති බව ඇතැම් මාධ්‍ය ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායල් මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ සිදු කෙරිණ. දේශපාලන පක්ෂ 40කට වැඩි සංඛ්‍යාවක් මහ මැතිවරණයට ඉදිරිපත් විය.
පාර්ලිමේන්තුවේ ආසන 120ක් සඳහා ඡන්ද විමසුම සිදු කෙරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...