රටේ ආර්ථිකය හැසිරවීමේ ආයතන සහ නීතීය ක්‍රියාත්මක කිරීමේ ආයතන ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යටතට පවරා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාට යෝජනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සුදානම් වෙති.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර හොරුන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන තුරු දැඩි අවධානයකින් පසුවන බවයි.
ඊට අමතරව මහා භාණ්ඩාගාරයේ මූල්‍ය තත්වය, රජයේ ආදායම්, වියදම් ගැන හා රටේ ආර්ථිකය මෙහෙයවීම ගැනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් දැඩි අවධානයකින් පසුවන බවද ඒ ගැන තොරතුරු නිරන්තරයෙන් අධ්‍යයනය කරමින් ජනාධිපතිතුමා දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවද එම අමාත්‍යවරයා පෙන්වා දෙයි.
බැඳුම්කර හොරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවනවානම් නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන කඩිනමින් ජනාධිපතිතුමාගේ යටතට පවරාගෙන කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරන බවද එම අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව ආර්ථිකය හැසිරවීම යහපත් තත්වයක නොමැතිනම් ඊට අදාළ ආයතනද කඩිනමින් ජනාධිපතිතුමා යටතට ගෙන එම කටයුතු විධිමත්ව සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉප්පා සිටින බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරයා පැවසුවේය.
හොරුන්ට දඬුවම් කිරීමට බාධා නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි කාරණයද මේ අවස්ථාවේදී මෙම අමාත්‍යවරයා සිහිපත් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...