රටේ නීතිය අනුව වර්තමානයේ පවතින්නේ නීති විරෝධි අමාත්‍ය මණ්ඩලයක් බවත් එම නිසා වර්තමාන ආණ්ඩුව විසින් ගනු ලබන සියලුම තීරණ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී අභියෝගයට ලක්කළ හැකි බවත් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46(1) අ වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය 30 කට සීමාවිය යුතු බවත් 46(1) ආ වගන්තිය අනුව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුරවල එකතුව 40 කට සීමාවිය යුතු බවත් සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.
නමුත් මේ වන විට ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරනු ලබන මුළු සංඛ්‍යාව 45 කි රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 23ක් වන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 22කි. එහි එකතුව 45ක් බව පෙන්වා දෙන සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ එකතුවත් රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ එකතුවත් සීමාව ඉක්මවා ගොස් තිබෙන බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් 31න් ජාතික ආණ්ඩු ගිවිසුම අහෝසි වී ඇති බවත් මේ දක්වා ගිවිසුම දීර්ඝ නොකර ඇති බවත් මේ දක්වා ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත නොවී ඇති බවත් පෙන්වා දෙන හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් 31න් පසුව ආණ්ඩුව ගනු ලබන ඔනෑම තීරණයක් අනාගතයේදී වුවද නීතිය ඉදිරියේදී අභියෝගයට ලක් කළ හැකි බවයි.
මීට අමතරව 19වැනි ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යහපාලකයින් විසින් වංචනික වගන්තියක් හදුන්වා දී තිබෙන බවත් මෙයද අධිකරණයේදී අභියෝගයට ලක් කළ හැකි බවත් සරත් එන් සිල්වා මහතා පෙන්වා දෙයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියෙන් 46(1)අ, ආ යන වගන්තිවල කුමක් සඳහන් වුවද ජාතික ආණ්ඩුවක් පිහිටුවනවානම් එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අනුමත විය යුතු බව පෙන්වා දී තිබෙන බවත් මෙය වංචනික වගන්තියක් බවත් සරත් එන් සිල්වා මහතා ප්‍රකාශ කරයි.
46(5) වගන්තියෙන් ජාතික ආණ්ඩුව වශයෙන් අර්ථ දක්වා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ලබාගත් දේශපාලන පක්ෂය සමග අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල එකතුව යනුවෙන් සඳහන් වී තතිබෙන බව පෙන්වා දෙන හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුව ඒ ආකාරයෙන් නිර්මාණය වී නොමැති බවයි.
එම නිසා මෙහි එකතුව යන වචනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනය කළ යුතු බවත් එය පාර්ලිමේන්තුවට පැවරීම යුක්ති සහගත නොවන බවත් ජාතික ආණ්ඩුව සඳහා සරල බහුතරයක අනුමැතියක් නොව පාර්ලිමේන්තුවේ 3/2 ක බහුතරයේ අනුමැතිය තිබියයුතු ලෙස වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් මෙම වගන්ති සකස් විය යුතු බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...