ආන්දෝලනාත්මක මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් පළාත් පාලන මැතිවරණයට පෙර අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු යොදාගෙන යන බව වාර්තාවේ.
බදුම්කර කොමිසමේ නිර්දේශ වහා ක්‍රියාවට නංවන ලෙස ජනපතිවරයා විසින් නීතිපතිවරයා වෙත දන්වා ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ. එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ මුල් පියවර ලෙස අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන සහ රවී කරුණානායක යන අය සම්බන්ධයෙන් මුල් පියවරයන්හි දී කටයුතු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග විශ්වාසය පළ කරයි.
මේ සියලු දෙනාට ම කොමිසම හමුවේ බොරු සාක්කි දීමේ චෝදනාව එල්ලවී ඇති අතර අර්ජුන් සහ කසුන් යන දෙදෙනාට දත්ත මකා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාවක්ද තිබේ.
කෙසේ වෙතත් රවී කරුණානායක මන්‍ත්‍රිවරයාට විරුද්ධව ඇත්තේ අල්ලස් චෝදනාවක් බැවින් ඔහු ඡන්දයට පෙර අත්අඩංගුවට ගැනීම අවිනිශ්චිත බව කියැවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...