කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින ජීවන්ත රාජපක්ෂ නම් සැකකරුට බරපතල ලෙස පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති බව බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් නීතීඥ සේනක පෙරේරා පවසයි.
පසුගිය දෙසැම්බර් මස 28 වැනි දින සිදු කර ඇති මේ පහරදීම පිටුපස බන්ධනාගාරයේ ජේලර්වරයෙක් සිටින බව දැනගන්නට තිබේ. ඔහු මෙයට පෙර අවස්ථාවක මේ සැකකරුගේ කකුල් කඩා දමන බව තර්ජනය කර ඇති බව ද කියැවේ.
මේ පහරදීම බන්දනාගාර බලධාරින්ට එරෙහිව ජීවන්ත රාජපක්ෂ විසින් මානව හිමිකම් කොමිසමට පෙර කරන ලද පැමිණිල්ලක් නිසාවෙන් සිදු කරන ලද බව සාධාරණ සැකයක් මතුවන බව සේනක පෙරේරා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...