විදේශ පුවත්

පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය මුලස්ථානයේ දී මාධ්‍ය ඇමතූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේයි ලැව්රෝව් ප්‍රකාශ කළේ සිරියානු භුමිය තුළ විශාල ප්‍රදේශයක්ආවරණය වන සේ විකල්ප රජයක් බිහි කරන්නට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බවයි.

රුසියානු විදේශ අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් විසින් ඇමෙරිකානු අරමුණු ජයග්‍රහණය කරගැනීම සඳහා දිගු කාලයක් සිරියාව තුළ රැඳී සිටීමට ඇමෙරිකාව අදහස් කරන බවට සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුවයි.

රුසියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සිරියානු භූමියේ විශාල ප්‍රදේශයක විකල්ප රජයක් ගොඩනැගීමේ කටයුතුවල ඇමෙරිකාව යෙදී සිටින බවත් එම උත්සාහය සිරියාවේ ස්වෛරීත්වය හා භෞමික අඛන්ඩතාවය ආරක්ෂා කරන බවට ආරක්ෂක මණ්ඩලය ඇතුළු විවිධ ස්ථානවල දී ඇමෙරිකාව පුන පුනා කළ ප්‍රකාශවලට පටහැනි තත්වයක් බවයි.

ඇමෙරිකානු යුධ භටයින් 2000ක් පමණ සිරියාවේ සිටින්නේ අයි. එස් කැරලිකරුවන් හා සටන් වදින්නට පමණක් යයි ඇමෙරිකාව කළ ප්‍රකාශයට ද ඉහත තත්වය පටහැනි බව සර්ගේයි ලැව්රොව් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More