දේශීය පුවත්

බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තා විවාද කිරීම සඳහා පෙබරවාරි 7වන දාට පෙර හැකිනම් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභියෝග කරයි.

7වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන නිසා 8වෙනිදා පාර්ලිමේන්තුව කැඳෙව්වාට විවාදයේ තොරතුරු ජනතාවට දැනගැනීමට නොහැකිවන බවත් එම නිසා පෙබරවාරි 7 නව දාට පෙර පාර්ලිමේන්තුව කඳවා එම වාර්තාව විවාද කළ යුතු බවත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

බැඳුම්කර වාර්තාවෙන් හොරු කවුරුන්දැයි රටටම හෙළිවන බවත් බරපතල වංචා වාර්තාවෙන් සිදුකර තිබෙන්නේ දේශපාලන පලිගැනීම් පමණක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (27) දින වැල්ලවාය නගරයේ සංවිධානය කර තිබු ජන රැළිය අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More