ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සන්නිවේදන අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඊයේ සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වුනා.
එහිදී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 6 දෙනෙකුට තුවාල ලබා තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ වැඩ සතිය ආරම්භ වූ ඊයේ (20) එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් 2000 අධික පිරිසක් එම ගොඩනැඟිල්ල තුළ සිර වී සිටි බව සඳහන්.
මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සහ වෙඩි තැබීම් සමඟ දියත් කෙරුණු මෙම ප්‍රහාරයට තමන් සම්බන්ධ නොමැති බව ඇෆ්ගනිස්තාන තාලිබාන් සංවිධානය ප්‍රකාශ කළා. කෙසේ නමුත් අයි එස් සංවිධානයේ ඇප්ගන් අනුගාමිකයන් මේ ආකාරයේ ප්‍රහාර මීට පෙර ක්‍රියාත්මක කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...