පුරවැසි කොලම

මතුගම සෙනෙවිරුවන්
එඩීෆාවිකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයකු වන ජූලියන් අසාන්ජ් බි‍්‍රතාන්‍යයේ දී අත්අඩංගුවට පත්ව ඇත. ඇමරිකා එක්සත් ජනපද රජය ලෝකයේ නොයෙකුත් රටවලට කරන අතපෙවීම් ඔවුන්ගේ කේබල් හරහාම හෙළිදරව් කළ අසාන්ජ් මෙලෙස අත්අඩංගුවට පත් වීම ඇමරිකන් හිතවාදීන්ද ප‍්‍රීතියට පත් කරන්නක් විය හැකිය. ලංකාවේ තිබෙන ඇමරිකානු තානාපති කාර්යලය මගින් ලංකාව සහ ලංකාවේ දේශපාලනඥයන්ගේ ක‍්‍රියාකාරකම් ගැන පිටත් කර යැවූ කේබල් පණිවුඩ කීපයක් පසුගිය කාලයේ ප‍්‍රසිද්ධ විය. වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇමරිකන් තානාපති බ්ලේක්ට කිවූ දේ පවා එහි අඩංගු වී තිබුණි. 2008 යුද්ධ සමයේ දී යුද්ධයට මැදිවූ 40000 ක් පමණ මිය යන්නට ඉඩ ඇති බව ඔහු පවසා තිබුණි. මේ කේලම් බස් අවසානයේ යුද අපරාධ චෝදනා වශයෙන් එළියට පැමිණියේ දරුස්මාන් වාර්තාව හරහාය. ලංකා රජයේ අත ඇඔරීමට මේ බොරු ඝාතන වාර්තාව අදටත් උපයෝගි වෙමින් පවතී. එහෙත් මේ ඝාතන වාර්තාව සත්‍යයෙන් තොර යැයි රජයේ ඉහළ දේශපාලනඥයන් කිසිවෙක් මෙතෙක් පවසා නැත. අඩු ගණනේ මහින්ද රාජපක්ෂ වත් එසේ කියා නැත. මේ නිසා ජුලියන් අසාන්ජ් ගේ අසුවීම ගැන බොහෝ දෙනා සතුටු වනු නිසැකය. එහෙත් අසාන්ජ්ගේ සිද්ධිය සහ ඇමරිකන් කේබල් කතාව යටපත් කිරීමට තවත් පුවතක් ඉස්මතුව තිබේ. ජනාධිපතිවරයා අලූත් අවුරුද්දට ප‍්‍රථම තමන් යටතේ තිබූ රජයේ මුද්‍රණාලය ඉඩම් ඇමැතිට පැවරීය. එ් තුළින් එළියට පැමිණි දේශපාලන ඕපදූපයක් ද විය. එනම් අවුරුද්දෙන් පසු නව බල පෙරළියක් වනු ඇති බවයි. එහෙත් අපගේ මතය නම් සම්මත කර ගැනීමට අවශ්‍ය අණපනත් හොර පාරෙන් ගැසට් කර ගැනීමට එ.ජා.ප. රජයට දුන් ලයිසමක් ලෙසට මෙය සැලකිය යුතු බවයි. දැනටමත් ඉඩම් විශේෂ විධිවිධාන පනත කැබිනට් අනුමැතියෙන් තොරව ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර තිබේ. රටේ ගොවි පන්තිය සතුව තිබෙන ස්වර්ණ භූමි හෝ ජය භූමි ඔප්පුවලට පරම අයිතිය ලබා දීම මෙම පනතේ අරමුණයි.

මේ සමගම ඉඩම් බැංකු පනතක් ද සූදානම්ව ඇති අතර එ් මගින් අක්කර පනහේ සීමාව ඉවත් කරමින් විදේශිකයන්ට ඉඩම් මිලට ගැනීමේ පහසුකම් සලසා දී ඇතැයි කියැවේ. මෙයින් අරමුණු කරනුයේ ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතියට ඉඩම් ලබා ගැනීම විය හැකිය. මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ තිබෙන නාගරික සංවර්ධන අධිකාරියේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ලංකාවට අදාළව 2050 දක්වා වූ භෞතික සැලසුමක් නිකුත් කර තිබේ. මේ ආර්ථීක කොරිඩෝ කතාව ප‍්‍රථමවරට එළියට එන්නේ මෙයිනි. මෙම භෞතික සැලසුම් අංශය අතීතයේ දී හැඳින්වූයේ නගර හා ග‍්‍රාම සැලසුම් දෙපාර්තමේන්තුව වශයෙනි. 1946 වසරේ දී පිහිටු වූ මෙම ආයතනයට අයත් කාර්යයන් අතර නගර නිර්මාණය, ග‍්‍රාමීය සුළු නගර සභා ආශ‍්‍රිත නගර නිර්මාණය ආදී පුළුල් කරුණු සම්භාරයක් විය. 1978 දී නගර සංවර්ධන අධිකාරිය පිහිටු වූ පසු එළඹෙන දශකයක කාලයක් තුළ රටේ භෞතික සැලසුම් තීරණය කිරීම 2001 වර්ෂයේ සිට මෙම ආයතනයට පැවරිණ. මේ අනුව වර්තමාන සැලසුම අප ඉදිරියේ පවතී.

edifea22007 වර්ෂයේ දී ඉදිරිපත් කළ භෞතික සැලැස්මේ දී අපට දක්නට ලැබුණු සුවිශේෂී දෙයක් නම් බස්නාහිර අධිනගරය පිළිබඳ සංකල්පයයි. කොළඹ, ගම්පහ සහ කළුතර යන ප‍්‍රධාන දිස්ත‍්‍රික්ක හතරම එකට ඈඳා අධි නගරයක් නොහොත් මෙගා පලීස් කලාපයක් නිර්මාණය කිරීම එහි අරමුණ විය. එහිදී වඩාත්ම අවධානය යොමු කරනු ලබන්නේ නාගරික සංවර්ධනය වේගවත් කිරීම, අධිවේග මාර්ග ජාලා එකිනෙක සම්බන්ධ කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම සඳහාය. මේ වන විට මේ අරමුණෙන් මෙගා පොලිස් අමාත්‍යංශය විසින් කරන ලද වැඩ කොටස් රාශියක් තිබේ. මේ සැම දෙස බලන කල්හි අපට පෙනෙන්නේ ඉදි කිරීම්ය. පදිකයන් හට ගමන් කිරීමට මංතීරු ගල් ඇල්ලූ නාගරික උද්‍යාන හුවමාරු මධ්‍යස්ථාන ප‍්‍රවාහනය පහසු කරලනු වස් සැහැල්ලූ දුම්රිය මාර්ග ආදිය වෙයි. දැන් මේ සැලසුම් වඩාත් පුළුල් කරමින් 2017 නව භෞතික සැලසුම මගින් යෝජනා කර තිබෙන්නේ ලංකාව පුරා ආර්ථික කොරිඩෝ හතරක් නිර්මාණය කරලීමයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පසුගියදා හෙළි කළ පරිදි මෙම සැලසුම්වලට සංකල්පමය වශයෙන් දායකත්වය ලබා දී තිබෙන්නේ අරලියගහ මන්දිරයේ පිහිටා තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නම් අයතනයයි. ඔවුන්ගේ වෙබ් අඩවිවල තිබෙන තොරතුරු සහ භෞතික සැලසුම් අතර මහත් සමානකමක් තිබෙන බව පෙනේ. එසේ නම් භෞතික සැලසුම් අධ්‍යක්ෂවරයා ගුරුහරුකම් ලබා ගෙන තිබෙන්නේ කවුරුන්ගෙන් දැයි අපට තේරුම් ගත හැකිය.

2017 භෞතික සැලැස්මේ විස්තර කිරීම අනුව පරිසරය මානව ජනාවාස ගැන බොහෝ පම්පෝරි ගසා තිබේ. ලංකාවේ ප‍්‍රධාන ආර්ථික ව්‍යුහය වන කෘෂිකර්මය තුළින් ජනතාව ඉවත් කිරීම සම්බන්ධව දක්වන ලද විස්තරයෙන් මෙහි සැලසුම මෙන්ම ඉඩම් බැංකු පනතේ අරමුණද පැහැදිලිවේ. එම විස්තරයේ කොටසක් මෙසේය. ‘මෙරටට පැමිණෙන ආයෝජනයන් ශ‍්‍රී ලංකාවේ දැනට පවතින ඉහළ සාක්ෂරතාවයෙන් යුත් පුහුණු ශ‍්‍රම බලකායට ගැලපෙන රැකියා අවස්ථාවන් උත්පාදනය කරන බවට තහවුරු කරගත යුතු වෙයි. තෘතීය අධ්‍යාපනයට යොමු වීමේ වර්ධනය සමග තරුණයන් ගොවිතැන හා අනෙකුත් සම්ප‍්‍රදායික රැකියාවලට යොමු නොවීමට දක්වන නැඹුරුතාවය මත ඉදිරි දශක කීපය තුළ ඇතිවන රැකියා අවශ්‍යතාවයට මුහුණදීම සඳහා ශ‍්‍රී ලංකාවට සාම්ප‍්‍රදායික කෘෂිකර්මයෙන් හා සරල නිෂ්පාදන අංශයෙන් මිදී අධි තාක්ෂණික හා නවොත්පාදනය පදනම් කරගත් කර්මාන්තශාලාවලට යොමු වීම ද අවශ්‍ය වේ.’

කුඩා ගොවීන් ගොවිපළවලින් ඉවත් කිරීමත් එසේත් නැතිනම් ගොවිතැනට පිවිසීම අධෛර්යවත් කිරීමත් ලෝක බැංකුවේ පැරණි සැලැස්මකි. විවෘත ආර්ථිකයත් සමගම මෙම සංකල්පයේ ප‍්‍රතිඵල මන්දගාමීව වුවද ඉදිරියට පැමිණයහ. 2002 රනිල් වික‍්‍රමසිංහගේ රජයේ රීගේනින් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ එය වේගවත් කරලීමට උපාය මාර්ග සැකසිණ. පස්යොදුන් කෝරළය නොහොත් කළුතර දිස්ත‍්‍රික්කය ගොඩ කිරීමක් ගැන එකල ඔහු කතා කළේ එබැවිනි. එම සැලැස්මට අනුව 2015 වසරේ යහපාලනය යටතේ ගොවිතැන අධෛර්ය කරනු ලැබීය. කළුතර දිස්ත‍්‍රික්කයේ පමණක් හෙක්ටයාර් 11000 සිට හෙක්ටයාර් 3000 දක්වා ගොවිතැන් කිරීම වැටුණි. කොළඹ, ගම්පහ, කළුතර අධිනගර සැලැස්ම එළියට එන්නේ මෙයට සමගාමීවයි. දැන් ඊළඟ පිම්ම නම් කොළඹ සිට දඹුල්ලටත් අනතුරුව ත‍්‍රිකුණාමලයටත්, හම්බන්තොටටත් ඔලූවිල්වලටත් කිලිනොච්චියටත් ගැලපෙන ලෙසට ආර්ථික කොරිඩෝ හතරක් නිර්මාණය කිරීමයි. එහිදී එම ප‍්‍රදේශවල ගොවිජනතාව එම ඉඩම්වලින් බැහැර විය යුතු අතර ඉඩම් වෙළෙඳ පළ සක‍්‍රීය විය යුතුය. මේ සඳහා අවශ්‍ය ඉඩම් පනත් දෙකෙන් එකක් දැනටමත් හොර පාරෙන් ගැසට් කර තිබේ. (කැබිනට් අනුමැතිය නැති මෙම පනත ගැසට් කිරීම ගැන ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා වග කිව යුතුය.) මේ පනත්වලට විරුද්ධව ජනාධිපතිවරයා සිංහනාද කළ ද යටින් එයට අවනත වී ඇති බව පෙනේ. එසේම චම්පික රණවක මහතා එදා සංවේදී පරිසර ඇමැතිවරයකු ලෙසට කටයුතු කළද අද ඔහු නව ලිබරල් ධනවාදයේ ඉත්තෙකු ලෙස ඉදිරියට එමින් පවතින බවට තිබෙන හොඳම උදාහරණය මෙම සැලසුම වේ. ඔහු එ්වා අගයන්නේ වෙන කිසිවක් නිසා නොව ගොවිතැනෙන් බැහැර වන ලූම්පන් තරුණ තරුණියන්ගේ ඡුන්ද පොට්ටනිය කර්මාන්ත ශාලා කම්කරුවන් තුළින් ලැබ ගන්නට මග හෙළි පෙහෙළි වන බැවිනි. ලිබරල්වාදයට පමණක් නොව ඔහු පැරණි මාකස්වාදී සංකල්පවලට ද ආපසු ගොසින් තිබේ යයි සිතේ.

චම්පික ඇමැතිතුමා යටතේ තිබෙන භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්ය පටිපාටිය අනුව භෞතික සැලසුම් සකස් කරලීමට විශේෂ තාක්ෂණික කමිටුවක් පත් කළ යුතුය. එම කමිටුව මගින් කරන ලද නිර්දේශ වරින් වර යාවත්කාලීන කරමින් අවසානයේ සම්පූර්ණ භෞතික සැලසුමක් නිමා කළ යුතුය. එයට අමතරව මහජන අදහස් ද විමසීමට ක‍්‍රියා කළ යුතුය. අවසානයේ දී මෙම සැලසුම් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් යුක්ත භෞතික සැලසුම් උපදේශක සභාවට යොමු කළ යුතුය. නමුත් දැන ගන්නට ඇති පරිදි මෙම සැලසුම නිර්මාණය කරලීමේ දී මූලිකව තාක්ෂණික කමිටුවට යොමු කර ඇති නමුත් අවසාන පසු විපරම් සඳහා සහ මහජන අදහස් සඳහා එය යොමු කර නැත. එ් අතර අවසානයේ සමස්ත සැලසුම යොමු කර තිබෙන්නේ ආර්ථික උපදේශක සභාවටයි. මේ නිසා පැහැදිලිව මෙම භෞතික සැලසුම හොර පාරෙන් සම්මත කර ගැනීමට සකස් කරන ලද්දක් බවට පැහැදිලිය. එය මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සැලැස්මට එකඟ වන අතර ඇමරිකන් ආර්ථික එ්ජන්සියේ නිලධාරීන්ගේ උපදේශ මත සකස් කරගත්තක් බවට නිගමනය කළ හැකිය.

ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට නම් ආහාර සුරක්ෂිතතාවය ඉතා වැදගත්ය. පෙර රජවරු කෘෂිකර්මයට මුල් තැන් දෙමින් බත බුලතින් රට සරුසාර කිරීමට උනන්දු වූයේ එ් නිසාය. ආහාර සුරක්ෂිතතාවය මත පදනම් වී කෘෂිකාර්මික භෝග සඳහා අගය එකතු කරලීමට ග‍්‍රාමීය ප‍්‍රජාවට හැකිය. එ් සඳහා ආර්ථික කොරිඩෝ අවශ්‍ය නැත. එසේම නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නවොත්පාදනයට යොමුවන තරුණ තරුණියන්ට ගමේ කෘෂිකර්මය තුළ රැඳී සිටිමින්ම එය කළ හැකිවන බවට තිබෙන උදාහරණ බොහෝය. එ්වාට ගමෙන් පිටවීම අවශ්‍ය නොවේ කොළඹ සහ ප‍්‍රධාන නගර යා කරන මාර්ග සහ ප‍්‍රවාහන සංවර්ධනය එයට ප‍්‍රමාණවත්ය. ආර්ථික කොරිඩෝවලින් මහා පරිමාණ කර්මාන්තශලා බිහි කරලීම ඊට අවශ්‍ය නොවේ. ආයෝජන කලාප සහ එ්වායේ යටිතල පහසුකම් නිසා සොබාදහමේ අගයන් විනාශ වෙයි. මෙලෙස විනාශ වන සොබාදහමේ පරිසර පද්ධතිය නැවත ගොඩ නැන්විය හැකි නොවේ. ජල උල්පත් සිඳෙන අතර නියඟය, අධික වර්ෂාව, නාය යෑම් සහ අධික උෂ්ණත්වයට මුහුණ දීමට සිදු වේ. කොළඹ සිට දඹුල්ල දක්වා කලාපය පරිසර සංවේදී මෙන්ම ඓතිහාසික වැදගත්කමකින් යුක්ත කලාපයකි. එම ග‍්‍රාමීය පෙදෙස් හිතුවක්කාරි භෞතික සංවර්ධනයට ලක් කිරීම මහා විනාශයක පෙරනිමිත්තක් ලෙසට දැකිය හැකිය. මේ විනාශකාරී සැලසුම් සකස් කරලීමට අප විරුද්ධ විය යුත්තේ එක් අතකින් රටේ භූමි පුත‍්‍රයන් වන සිංහලයන්ගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට අහිමි වන බැවිනි. එසේම විහාරගම් දේවාලගම්වල ඉඩකඩම් පවා මේ සැලසුම් තීරයට ගොදුරු විය හැකි බවට සිතිය හැකිය. රට පුරාම ඇති සංවේදී පරිසර කලාප සමග බද්ධ වෙමින් අනාගතයට මෙම සම්පත අප රැක දිය යුතු අතර නොයෙකුත් ව්‍යාපෘති හරහා එන විදේශ සැලසුම් සමග බද්ධ වන නිලධාරි තන්ත‍්‍රයේ භෞතිකවාදී චින්තනය ද වෙනස් කළ යුතුය.



One thought on “ආර්ථික කොරිඩෝ හරහා ගොවියා ඉවතට… ඉඩම් පනත් හොර පාරෙන් ගැසට් කරයිද ?”

  1. BEWARE! LOOMING THREAT OVER Sri Lanka!
    Seems like this MCC project is THE MOST DANGEROUS THREAT looming over Sri Lanka NOW. I.e more than the current threat of muslim extremism in the country.

    If this project is to go ahead, we will lose our land, environment and in the end our sovereignty.

    මුලු රටම මුසල්මානු අන්තවාදින් දෙස නෙත් සිත් යොමුකර සිටින අවස්තාවක,ඊයේ මංගල සමරවිර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සදහා ඇමරිකාව ඩොලර් මිලියන 480 අනුමත කල “සතුටුදායක” පුවත මාධ්යට වාර්තා කලේ ඇයි? ඵලිපිටම “රේඩාරයට යටින්” යාමටද? ඵතැන සිටි මාධ්ය වේදින්ට මෙය නොඇසුනු ගනනය.
    බලාපොරොත්තු වුයේද ඵයම විය හැක.

    කැබිනට් අනුමැතිය නැතිව දැනටමත් ඉඩම් පනත් දෙකෙන් එකක් හොර පාරෙන් ගැසට් කර තිබේ නම් මෙම සිද්ධිය සුලුවෙන් නොතැකිය යුතු බව පෙනේ. රටට හොදක් වන දෙයකට නම් හොර පාරෙන් නොයනු ඇත.
    තවද මෙම දේසපාලුවන් කෙසේ හෝ බලයේ රැදිසිටින්නට වෙර දරන්නේ මෙම කොන්තරාත්තුවටමදැයි සැක සිතේ.
    ඵසේම මෙයට දි ඇති “සහස්රයේ අභියෝගය” නම අනුවත් මෙයට දුන් මුදල අනුවත් මෙය කෙතරම් ඒ රටට වැදගත්ද යන්න සිතා ගත හැක.
    ඵනමුත් ශෝචනිය ලෙස කිසිවකුට මේ ගැන ඡනතාව දැනුවත් කර විරෝධතාවක් පෙළ ගැස්විමට තරම් ඵම “අවමංගල කතාව” වැදගත් ලෙස නොපෙනෙන බව පෙනේ.

    lanka lead news කිරිපිටි ගැන දැනුවත් කල අයුරින් මේ වියාපෘතියේ භයංකර පලවිපාක ගැන රට දැනුවත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More