යම් පුරවැසියෙකුගේ පුජා අයිතිය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 ක බහුතරයකගේ අනුමැතිය සහ ජනමත විචාරණයකින්ද අනුමැතිය අවශ්‍යබව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය ප්‍රජා අයිතිය අහෝස් කිරීම යනු කෙනෙකුගේ ඡන්ද අයිතිය නැතිකිරීම බව පෙන්වා දෙන හිටපු අගවිනිසුරුවරයා ප්‍රකාශ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වැනි ව්‍යවස්ථාව මඟින් පරමාධිපත්‍ය බලයට ඡන්ද අයිතිය ඇතුළත්කොට තිබෙන බවයි.
එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යවස්ථාවක් සංශෝධනය කරනවා නම් ඊට පාර්ලිමේන්තුවේ 3/2ක බහුතරයකගේ අනුමැතිය වාගේම එය ජනමත විචාරණයකට ලක්කළ යුතු බවද සරත් එන්. සිලිවා හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර බලයක් වාගේම එය ජනමත විචාරණයකට ලක්කළ යුතු බව ශ්‍රේෂඨාධිකරණය තීරණය කළේ එය ජනතාවගේ පරමාධිපත්‍ය බලයට ඇතුළත් වන ඡන්ද බලයට බලපාන කාරණාවක් නිසා බවද සරත් එන්. සිලිවා මහතා පෙන්වා දෙයි.
හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය වසර 7කට අහිමිකළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති විශේෂ කොමිෂන් සභාවකින් බවද සරත් එන්. සිලිවා මහතා ප්‍රකාශ කරයි. එම ජනාධිපති කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විය යුතු බවද 81වැනි ව්‍යවස්ථාවේ පැහැදිලිවම සහන් කර ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.
නමුත් බරපතල, වංචා දූෂණ ගැන සෙවූ ජනාධිපති කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළත් කර නොතිබුණු නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වැනි ව්‍යවස්ථාවට අනුව බරපතල වංචා ගැන සෙවූ ජනාධිපති කොමිසමට යම් කෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා යෝජනා කිරීමට බලයක් නොමැති බවද හිටපු අගවිනිසුරු සරත් එන්. සිලවා මහතා පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව බටලන්ද ජනාධිපති කොමිසම මඟින් ප්‍රජාඅයිතිය අහෝසිකිරීම සඳහා යෝජනා කර තිබියදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ පරමාධිපත්‍ය බලයට ගරු කළ නිසා බවද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අලවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේ ස්වාධින රුපවාහිනියට මුදල් නොගෙවීමේ චෝදනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කල නොහැකි බවයි.
එවැනි චෝදනාවක් ඉදිරිපත්වී තිබෙනවානම් අවශ්‍යනම් ඊට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අධිකරණයට යාමට හැකි බවද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...