දේශීය පුවත්

පාර්ලිමේන්තුව රැස්කිරීමට දිනකට රුපියල් ලක්ෂ 75 ක් පමණ වියදම් වෙන බවත් විපක්ෂය කියන කියන වේලාවට පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බවත් මේ ගැන 30වෙනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දෙන බවත් පාර්ලිමේන්තුවේ සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධීපති කොමිෂන් සභා වාර්තාව ගැන විවාද කිරීම සඳහා ජනවාරි 10 වැනිදා අවස්ථාව ලබාදුන් බවත් එම විවාදය කඩාකප්පල් කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම විවාදය ආරම්බ කිරීම සඳහා අවශ්‍ය පසුබිම ජනවාරි 10 වැනිදා ආණ්ඩු පක්ෂය විසින් ලබාදුන් බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදුකරන විට මැතිසබය මැදට පැමිණ අග්‍රාමාත්‍යවරයාගේ කතාවට බාධා කරමින් විරෝධතා දක්වමින් එදින බැඳුම්කර විවාදය කඩාකප්පල් කිරීමට කටයුතු කළේ ඒකාබද්ධ විපක්ෂය විසින් බවද ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එම නිසා විපක්ෂයේ පක්ෂ කියන කියන වේලාවට පාර්ලිමේන්තු විවාද පැවැත්වීමට තමන් සූදානම් නොමැති බවත් තමන්ට ඕනෑ ඕනෑ වෙලාවට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමට විපක්ෂයේ පක්ෂවල සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ නමුත් පෙබරවාරි 10 වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවනවාද කියා තීරණය කිරීමේ අයිතිය කථානායක කරු ජයසූරිය මහතාට තිබෙන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More