විදේශ පුවත්

වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ ගේ පාලනය අවසන් කිරීමේ “අවසන් අදියර” කරා තමන් පැමිණ ඇති බව විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, කුඩා ප්‍රමාණයේ කුමන්ත්‍රණ ප්‍රයත්නයක් බිඳ හෙලමින් සිටින බව එරට බලධාරීහු පවසති.

නිල ඇඳුම් ලා ගත පිරිසක් සමග වීඩියෝ දර්ශනයක පෙනී සිටි ගුඅයිඩෝ, තමන්ට හමුදා සහය ඇති බව පැවසීය.

පසුගිය ජනවාරියේදී තමන් අන්තර්කාලීන ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කළ ගුඅයිඩෝ, මදුරෝ විසින් බලය “පැහැර ගනු ලැබීම” අවසන් කිරීම සඳහා සහය දෙන ලෙස හමුදාවේ සාමාජිකයින් වැඩි දෙනාගෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.

ගුඅයිඩෝ සමග පැවති අර්බුදය අතරතුර හමුදාවේ සහය සාමාන්‍යයෙන් මදුරෝ හට ලැබිණි.

නමුත් උද්ධමනය, විදුලිය කප්පාදුව, ආහාර හා ඖෂධ හිඟයෙන් පිරුණු ගෙවී ගිය වසර කිහිපය තුළ ප්‍රතිරෝධය නැග එද්දී, එතෙක් හමුදාව තුළ වූ පක්ෂපාතීත්වය වෙනස් කරගනු ඇති බව මදුරෝ ගේ විවේචකයෝ පැවසූහ.

ඇමෙරිකාව සහ බොහෝ ලතින් ඇමෙරිකානු රටවල් ඇතුළු රටවල් ගණනාවක් ජුවාන් ගුඅයිඩෝ වෙනිසුවෙලා හි නියම නායකයා ලෙස පවසද්දීත්, මේ දක්වා හමුදාව මදුරෝ හට සහය දැක්වීය.

ගුඅයිඩෝ ගේ අලුත් වැඩපිළිවෙල මදුරෝ බලයෙන් නෙරපීමට තරම් වන අවස්ථාවක් වේද යන්න පිළිබඳව ලෝකය දැන් බලා සිටී.

කෙසේ වෙතත්, මදුරෝ පවසන්නේ තමන්ට තවමත් හමුදාවේ පූර්ණ සහය ඇති බවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More