පසු කාලයකදී ධර්මාශෝක යන නාමයෙන් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව යන දෙරට පතළ කීර්තියක් දිනා ගත් ධර්මාශෝක අධිරාජයා (කි‍්‍ර. පූ. 268- කි‍්‍ර. පූ. 232) සිය ජීවිතය පටන් ගත්තේ ඉන්දියාවේ වින්ධ්‍යා කඳු පන්තිය ආසන්නයේ පිහිටි උජයහ ප‍්‍රදේශයේ ආණ්ඩුකාරයා ලෙසය. එකල ඔහුගේ ආගම හින්දු ආගමය. එනම්, ඔහු ශිව භක්තිකයෙකි. එකල ඔහුගේ වයස අවුරුදු 20 ට අඩුවී යැයි කියනු ලැබේ.
බින්දුසාර නමැති මෞර්ය අධිරාජයා වූ සිය පියාගේ ඇවෑමෙන් රජකමට පත්වන අශෝක කි‍්‍ර. පූ. 262 දී ඉන්දියානු අර්ධද්වීපයේම පිහිටි ස්වාධීන වැඩවසම් රාජධානියක් වූ කාලිංගය ආක‍්‍රමණය කර එහි රජතුමා වූ රාජඅනන්ත මරයි. මේ සංග‍්‍රාමයේදී සෙබළු ලක්‍ෂයක් මිය යති. කාලිංග වැසියන් එක්ලක්‍ෂ පනස් දහසක් යුද අනාථයන් බවට පත් කර රාජධානියෙන් නෙරපනු ලබයි. මේ මහා සංග‍්‍රාමයේදී ගලාගිය ලේ ගංගා දකින අශෝක රජතුමා නතර වන්නේ බෞද්ධ විහාරයක බුද්ධ ප‍්‍රතිමාවක් පාමුල ය. එතැන් සිට අහිංසාවාදී මිනිසකු බවට පත්වන අශෝක, ධර්මාශෝක බවට පත්වී විහාරාරාම තනමින්,දන් දෙමින් මහා බෞද්ධ උපාසකයකු බවට පත්ව සිය වැඩිමහලූ පුත‍්‍රයා වූ මහේන්ද්‍ර (මහා +ඉන්ද්‍ර) හෙවත් මහින්ද නොහොත් මිහිඳු කුමාරයා පළමුවත් සංඝමිත්තා කුමරිය (කි‍්‍ර. පූ. 281 – කි‍්‍ර. පූ. 202) දෙවනුවත් ධර්ම ප‍්‍රචාරය සඳහා ශී‍්‍ර ලංකාවට එවනු ලබන්නේය. මේ සිද්ධිය කි‍්‍ර. පූ. 255 ට අයත් ය.
මිහිඳු හිමියෝ අනුරපුරයට වඩිති. එහිදී ශිව ආගමිකයකු වූ දේවානම්පියතිස්ස රජු උන්වහන්සේගේ ශ‍්‍රාවකයකු බවට පත් වෙයි. උන්වහන්සේ වැඩ වාසය කරන්නේ මිහින්තලා පව්වේය. උන්වහන්සේ සැතපුණු ශෛලමය සයනය අදටත් මිහින්තලාවේ ඇත. දේවානම්පියතිස්ස යනු ශී‍්‍ර ලංකාවේ පළමුවැනි බෞද්ධ රජු ය. මේ අතර සංඝාරාමයක අවශ්‍යතාවක් අනුරාධපුරයට තදබල ලෙස ඇති විය. එම අවශ්‍යතාව සම්පූර්ණ කරනු සඳහා සුවිශාල සංඝාරාමයක් තැනිය යුතු බව මිහිඳු හිමියන්ගේ අදහස විය. එම සංඝාරාමය තැනීමට අවශ්‍ය ගෘහ නිර්මාණ සැලසුම මිහිඳු හිමියන් විසින් ම දේවානම්පියතිස්ස රජුට ලබාදෙන ලදී. එය දෙව්ලොවින් ගෙනා සැලසුමක් බවත් එම සැලසුමට අනුරූපව සුවිශාල ගොඩනැඟිල්ලක් දෙව්ලොව ඇති බවක් කියනු ලැබේ. දේවානම් පියතිස්ස රජතුමා විසින් එම සැලසුමට අනුව මහල් නවයකින් යුත් ප‍්‍රාසාදයක් කරවන ලදී. එහි උස අඩි 150 කි. ගොඩනැඟිල්ල සම චතුරස‍්‍රාකාර වූ අතර එක් පැත්තක දිග අඩි 150 කි. ඒ අනුව ගොඩනැඟිල්ලට යටත්වන භූමිය වර්ග අඩි 22500 කි. ගොඩනැඟිල්ලේ බිම් මහලේ සමමිතික ලෙස කපන ලද ගල් කණු 1600 ක් එක පේළියකට ගල් කණු 40 ක් බැගින් වනසේ් ගල් කණු පේළි 40 ක් ලෙස සිටුවා තිබිණ. ගොඩනැඟිල්ල ඉදි කරන ල්දදේ එම ගල්කණු පාදම මත බව උපකල්පනය කළ හැකිය. එතැන් පටන් ඉහළට මහල් 9 ගොඩ නංවන ලද අතර සෑම මහලකම කාමර 1000 බැගින් වූ බවත් ජනෙල් 100 බැගින් වූ බවත් කියනු ලැබේ. ගොඩනැඟිල්ලේ බිත්තිවල කපන ලද කොරල් සහ මැණික් ඔබ්බා තිබිණ. වහලයට යොදන ලද්දේ ලෝකඩවලින් සාදන ලද උළු වර්ගයකි. දකුණු ආසියාවේ ලෝකඩ යුගයකට අයත් (කි‍්‍ර. පූ. 1200 -200) ලොව උසම තට්ටු ගොඩනැඟිල්ල ලෝවාමහාපාය ය.
පහළමහා 2වසර 100 ක් ඇතුළත මේ ගොඩනැඟිල්ල ගරා වැටිණ. එයට හේතුව ගොඩනැඟිල්ලේ සෑම තට්ටුවක්ම ලෑලි මත ඉදිකර තිබීමය. මේ කියන කාලයේදී කොන්කී‍්‍රට් තාක්‍ෂණයක් ලොවට තිබුණේ නැහැ. එබැවින් බිම් මහල ලෙස සැලකෙන ගල්කණු පාදම හැර ගොඩනැඟිල්ලේ අන් සෑම කොටසක්ම ඉදිකර තිබුණේ දැව වලිනි. කාලයාගේ ඇවෑමත් දැව දිරා යන්නට ඇති බවත් ගොඩනැඟිල්ල ගරා වැටෙන්නට ඇති බවත් විශ්වාස කෙරේ.
මේ අතර දුටුගැමුණු රජතුමා අනුරාධපුරයේ සිට රට පාලනය කරන යුගය උදා විය. ගරා වැටුණු බිම් මහලේ පෙරැළී ගිය ගල්කණු පාදම සහ ගරා වැටුණු ලෝවාමහාපාය සංඝාරාමය පරීක්‍ෂා කළ දුටුගැමුණු රජතුමා එය නැවත වතාවක් ඉදි කළේය. අද ඉතිරිව ඇති ගල්කණු නටබුන් දුටුගැමුණු රජතුමාගේ ශිල්පීන් විසින් ඉදි කළ ගල්කණුය. මෙවරද එය ඉදි කරවන ලද්දේ ලී වලිනි. එහි මහල් 7 ක් විය.
සද්ධාතිස්ස රජතුමා රජ කළ කාලයේදී (කි‍්‍ර. පූ. 137 -කි‍්‍ර. පූ. 119) ලෝවාමහාපාය දෙවැනිි වරටත් විනාශ විය. එය එක රැයකින් සිදු වූවකි. රාති‍්‍රයේදී ගොඩනැඟිල්ලේ පළමු මහලේ දැල්වෙමින් තිබූ පොල්තෙල් පහනක් මීයකු විසින් පෙරළන ලදී. භික්‍ෂූන් වහන්සේ ද සැතපී සිටි බැවින් පොල්තෙල් පහන පෙරළීී යෑමෙන් හටගත් ගින්න නිවීමට කවුරුවත් නොවීය. ඒ අතර ගින්න පැතිර ගියේය. ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම දැවයෙන් සාදා තිබූ නිසා ඉතා හොඳින් ගිනි ගත්තේය. රැය පහන් වනවිට ඉතිරි වූයේ නොපිළිස්සෙන ගල්කණු පාදමත් අළු ගොඩකුත් පමණි. දෙවැනි සිරිනාග රජතුමා (කි‍්‍ර. ව. 240 – 242) ලෝවාමහාපාය නැවතත් ඉදි කළේය. එවරද එය සාදන ලද්දේ දැව වලිනි. ගොඩනැඟිල්ලේ තට්ටු 5 ක් විය. ඉන්පසු රජවූ ජෙට්ඨතිස්ස රජතුමා (කි‍්‍ර. ව. 266-276) ලෝවාමහාපායට තව තට්ටු 2 ක් එකතු කර තට්ටු 7 ක් බවට පත් කළේය.
මේ අතර අනුරාධපුරය මහා විහාරයේ සහ අභයගිරි විහාරය අතර ආරවුලක් හටගත්තේය. මේ වනවිට ලෝවාමහාපාය පරිහරණය කළෝ අභයගිරි විහාරයේ භික්‍ෂුහුය. භික්‍ෂු ආරවුලේදී එවකට සිටි රජතුමා වූ මහසෙන් (276-303) අභයගිරියේ භික්‍ෂූන්ගේ පැත්ත ගෙන ලෝවාමහාපායේ ගල්කණු හැර සෙසු සියලූ කොටස් ගලවා අභයගිරි විහාරයේ භික්‍ෂූන්ට පරිහරණය පිණිස දුන්නේය. මහසෙන් රජුගෙන් පසු රජවූ ඔහුගේ පුත‍්‍ර සිරිමේඝවර්ණ රජතුමා ලෝවාමහාපාය යළි ඉදිකළේය. කි‍්‍ර. ව. 900 වනවිට ඉන්දියාවේ පාණ්ඩය රජාගේ සේනාවක් මෙහි පැමිණ ලෝවාමහාපාය විනාශ කළේය. දෙවැනි සේන රජතුමා එම සියවසේදීම ලෝවාමහාපාය යළි ඉදි කළේය. දහවැනි සියවසේදී අනුරාධපුරය ආක‍්‍රමණය කළ සොළීහු අවුරුදු 1400 ක් මෙරට අගනුවර ලෙස පැවැති අනුරාධපුරය ද එහි ගොඩනැඟිලි ද විනාශ කළහ. ඉන්පසු පොලොන්නරුවේ සිට රට පාලනය කළ මහා පරාක‍්‍රමබාහු රජතුමා (කි‍්‍ර. ව. 1153- 1186) එවකට බිමට පෙරළා තිබූ ගල්කණු පාදම යළි කෙළින් කර ලෝවාමහාපාය යළි ඉදිකළේය. ඔබ අද දකින්නේ එහි නටබුන් ය.
අනුර සොලමන්ස්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...