විදේශ පුවත්

අයි.එස්.අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට අයත් දරු දැරියන් 45000ක පිරිසක් සිටින බවත් ඔවුන්ගෙන් බටහිර රටවලට පමණක් නොව මුළු ලොවටම තර්ජනයක් බවත් යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන ප්‍රධානි ගිලේ දෙ කෙර්කොව් අනතුරු අගවයි.

රෝමයේ පිහිටි ත්‍රස්ත මර්දන සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේ ය.

අයි.එස් ත්‍රස්තවාදීන් සමග විවාහ වු කාන්තාවන් සහ දරුවන් හැරෙන්න අයි.එස් සංවිධානය විසින් බදවාගත් දරුවන් 45000ක් ඉරාකයේ සහ සිරියාවේ බන්ධනාගාර වල රදවා ඇත.

මෙම දරුවන්ට උප්පැන්න සහතික ලබාදී ඇත්තේ ඉස්ලාමී ය රාජ්‍යය වන බැවින් මෙම දරුවන් කිසිදු ජාතියකට හෝ රාජ්‍යයකට අයත් නොවන බව යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්දන ප්‍රධානි සදහන් කරයි.

මෙම දරුවන් 45000 දෙනාගෙන් වැඩිදෙනා පිරිමි දරුවන් බවත් ඔවුන් කාල බෝම්බ හා සමාන බවත් මෙම දරුවන්ගේ මනස විවෘතකි කර ඇත්තේ අයි.එස් සාමාජිකයන් හැර සෙසු සැමට වෛර කිරීමට බවත් ඔහු පෙන්වා දේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More