මනෝජ් අබයදීර
හිස්බුල්ලාගේ අන්තවාදයේ අශිෂ්ටත්වය විසින් යළි රට ගිනි කෙළියක් බවට පත්කර තිබේ. පාස්කු ඉරිදාව යනු දිගු අතීතයක් පලාගෙන මතුවූ එක් ගිනි සිළුවක් පමණි. ඒ සඳහා සෑහෙන ප‍්‍රමාණයක ‘ගෙදර වැඩ’ අන්තවාදීන් විසින් ඉටු කර තිබේ. මේ නිරාවරණය වන්නේ තවමත් පල නොදැරූ ඉස්ලාමීය අන්තවාදය පෝෂණය කිරීම උදෙසා අධ්‍යාපනයේ නාමයෙන් ඉදිවෙන ‘අන්තවාදී මධ්‍යස්ථානයක්’ පිළිබඳවය. පාකිස්තානය, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය, මාලදිවයින වැනි ඉස්ලාමීය රාජ්‍යයන් පවතින, සමස්ත ජනගහනයෙන් 14.2% ඉස්ලාමීය ප‍්‍රජාව වාසය කරන ඉන්දියාවේ පවා නොමැති, දකුණු ආසියාවේ දැවැන්තම ඉස්ලාමීය විශ්ව විද්‍යාලයක් මේ වන විට මඩකලපුව පූනානි හි ඉදිකෙරමින් පවතී.
ගොවි සමිතියක් ලෙස පැමිණි හිරා පදනම
2013 වසරේදී වාකරේ උප දිසාපති කොට්ඨාශයේ ජයන්තියාය ගමේ, රිදීතැන්න ග‍්‍රාමසේවා කොට්ඨාසයට අයත් අක්කර තිස්පහක ඉඩමක් හිරා පදනම විසින් මහවැලි අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ, ඉතා අහිංසක වුවමනාවක් මතුකර පෙන්වමිනි. රජයේ ඉඩම් සඳහා ගොවි සහ සමුපකාර සමිති විසින් ඉල්ලූම් කරන පෝරමයක් පුරවමින්, වෘත්තිය පුහුණු ඉංජිනේරු විශ්වවිද්‍යාලයක් සඳහා තමන්ට මෙම ඉඩම ලබා දෙන ලෙස හිරා පදනම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. අහිංසක ගොවියෙකු තමන්ට හේනක් කොටා ගැනීම සඳහා ඉඩම් අක්කරයක් ඉල්ලූවිට දහසක් නීති දමන මහවැලි අධිකාරිය, මෙම අක්කර තිස්පහේ ඉඩම සඳහා අවසර ලබා දෙන්නේ හැරෙන තැපෑලෙනි. අදාළ ඉඩම මුඩු ඉඩමක් බවත් එහි කිසිදු වටිනා දැව දඬුවක් නොමැති බවත් සහතික කරමින් එම ඉල්ලීම ලත් තැනම පල දරවන්නට මහවැලි අධිකාරිය කටයුතු යෙදවිය.
2013 අගෝස්තු දහතුන් වැනිදා ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් සාමාන්‍ය කොන්දේසි වලට යටත්ව, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ඉඩම්) යන තනතුර යටතේ එම්. එස්. ඒ. සරත් කුමාරගේ අත්සන යටතේ මෙම ඉඩම හිරා පදනම වෙත ලබාදීම අනුමත කර දී තිබුණි. එම අවසර පත‍්‍රයේ සඳහන් වන්නේ, කොළඹ – 8, ලේක් ඩ‍්‍රයිව් හි, අංක 10/18 ලිපිනයැති ශ‍්‍රී ලංකා හිරා පදනම වෙත ග‍්‍රාමීය පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම සඳහා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම අක්කර තිස්පහක ඉඩම ලබාදීම අනුමත කරන බවය. මහා පිල්ලියක ආරම්භය සනිටුහන් වන්නේ එසේය. එදා මහවැලිය භාරව සිටි ඉහළ පුටුව නොදැන මෙසේ අක්කර තිස් පහේ ඉඩමක්, පදනමක් සඳහා මෙතරම් පහසු ආකාරයෙන් ජනතාව අතට පත් නොවන බව කිව හැකිය.
‘අහිංසක’ ආකාරයෙන් ග‍්‍රාමීය පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස අදාළ අංශ වෙතින් අනුමැතිය ලබමින් ‘ඔටුවා කුඩාරම තුළට’ රිංගන්නට විය.
මොකක්ද මේ හිරා පදනම…?
ෂාරියා 2ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත 2014 ජුනි හයවෙනි දින හිස්බුල්ලා පදනම සහ හිරා පදනම සංස්ථාගත කිරීමේ යෝජනාව ඉදිරිපත් විය. අනුමැතිය ලැබීමෙන් පසු එම පදනම දිගටම ක‍්‍රියාත්මක වූ අතර වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාදර් මස්තාන් විසින් එය ශ‍්‍රී ලංකා හිරා පදනම ලෙස සංස්ථා ගතකිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ 2015 දෙසැම්බර් දෙවැනිදාය. මෙසේ අළු ගසා නැගිටින හිරා පදනම, ඇපයෙන් සීමාසහිත සමාගමක් ලෙස සමාගම් පනත යටතේ සංස්ථා ගතවන්නේ, 2014 දෙසැම්බර් දහ වැනිදාය. එම ලියාපදිංචිය අනුව එම සමාගම මොහොමඞ් ලෙබ්බේ අලීම් මොහොමඞ් හිස්බුල්ලා සහ අහමඞ් හිරාස් හිස්බුල්ලා යන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනාගෙන් සමන්විතය. එසේම එහි සභාපති ලෙස කටයුතු කරන්නේ මොහොමඞ් ලෙබ්බේ අලීම් මොහොමඞ් හිස්බුල්ලාය. මෙසේ දිග නමකින් හඳුන්වනු ලබන ලද්දේ, සාමාන්‍යය වශයෙන් එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන නාමයෙන් හඳුන්වනු ලබන නැගෙනහිර පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයාය. අනෙක් අධ්‍යක්ෂවරයා වූයේ ඔහුගේ පුතණුවන්ය.
හිරා පදනම විසින් ගොවි සමිතියක් ලෙස ඉල්ලීම් කරමින් ඉන් පසු වෘත්තිය පුහුණු ආයතනයක් ලෙස පාර කපා ගනිමින් යන ආයතනය බැටිකොලෝ කැම්පස් කොලේජ් ලෙස වේශාන්තරණයට පත්වන්නේ 2015 ජුලි මාසයේදීය. යහපාලන ආණ්ඩුවේ සංහිඳියාව අනුව අන්තවාදීන්ට මෙවැනි වරදාන ලබාදීම සාමාන්‍ය කාරණයක් විය. පන්සලේ අලියෙකු සිටියත් මහා සංඝරත්නය සිර ගත කරන්නට තරම් ඉදිරිගාමී වූ යහපාලන ආණ්ඩුව, අන්‍ය ජාතිකයන්ගේ මෙවැනි අන්තවාදී කටයුතු සඳහා හොඳ පදමට උඩ ගෙඩි ලබා දෙමින් සංහිඳියාව ශක්තිමත් කළේය. එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටි ආචාර්ය සරත් අමුණුගමට වෙත හිස්බුල්ලා විසින් කරන ලද ඉල්ලීමක් මාර්ගයෙන් මේ සඳහා අවශ්‍ය නෛතික පසුබිමට අවසර ඉල්ලා තිබුණි. එසේම සමාගම් රෙජිස්ටාර්වරයා යටතේද ‘බැටිකොලෝ කැම්පස් කොලේජ් ප‍්‍රයිවට් ලිමිටඞ්’ ලෙස 2015 ජුලි 14 දින එම ආයතනය ලියාපදිංචි කිරීම සිදුව තිබුණි. එම ‘බැටිකොලෝ කැම්පස් කොලේජ් ප‍්‍රයිවට් ලිමිටඞ්’ හී අධ්‍යක්ෂකවරුන් වූයේද ‘හිස්බුල්ලා තාත්තා සහ පුතාය’. එම ආයතනයේ කොටස් බෙදී තිබුණේ, හිරා පදනමට කොටස් අනූදාහක් සහ හිස්බුල්ලා පුත‍්‍රයා වෙත කොටස් දහදාහක් ලෙසය. ඒ අනුව අවසානයේදී සියල්ල රැඳෙන්නේ තාත්තාගේ සහ පුතාගේ අයිතිය යටතේය.
යෝධ ගොඩනැගිලි ඉදිකරමින් විශ්වවිද්‍යාලයක් ලෙස මෙම ආයතනය ලියාපදිංචි කිරීමට සැරසෙන විට ඊට එරෙහිව රට පුරා මතවාද පැතිරී යමින් තිබුණි.
අන්තවාදයෙන් මත්වූ අධ්‍යාපන ආයතනයක් සමහර ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ, රුපියල් මිලියන 1500 ක වියදමින් ඉදි කෙරෙන මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය ‘මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජ්’ ලෙස සෞදි අරාබියේ රජුගේ නමින් මුල් අවස්ථාවේදී මෙය නම් කර තිබුණු බවය. 2013 වසරේ මෙම විශ්වවිද්‍යාලය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට පැමිණියේ සෞදි අරාබි රජයේ ප‍්‍රධාන ශරියා නීති උපදේශකයා වන ෂේක් යහාන් අබ්දුල් අසීස් අල් රෂීඞ් බවද එම ආරංචි මාර්ග සඳහන් කර තිබුණි. කෙසේ වුවත් මෙම ‘බැටිකොලෝ කැම්පස් කොලේජ් ප‍්‍රයිවට් ලිමිටඞ්’ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කිරීම දිනෙන් දින කල් ගියේය.
වසරකට උලමා පූජකයන් 1500 ක් සපයමින් ශරියා නීති උපාධිය නොමිලේ ලබාදීම සඳහා යැයි කියමින් ඉදිකරන ලද සරසවිය සඳහා අනුමැතිය ප‍්‍රමාද වන විට ඒ සඳහා වන අවස්ථාවක් යහපාලන ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී උදාවිය. ජල සම්පාදන අමාත්‍ය ධුරය දරන ලද රාවුෆ් හකීම් වෙත උසස් අධ්‍යාපන අමාත්‍ය තනතුර ජනාධිපතිවරයා විසින් පිරිනැමීම එම ලියාපදිංචිය සඳහා ඉනිමං බැඳීමක් විය. උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් පුද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා අවශ්‍ය ලියාපදිංචියට තිබූ බාධකය දුරු කර ගැනීම සඳහා තම වරිගයේම අයෙකුට අදාළ අමාත්‍යාංශය භාර දෙන තරමට යහපාලනයේ මුදුනත, අන්තවාදයට සංවේදී වී තිබුණි.
ඒ අතරම, හිරවී ඇති අනෙක් වැඩ කොටස ගොඩ දමා ගැනීමට මෙන්, එතෙක් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී සහ මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද හිස්බුල්ලා වෙත නැගනහිර පළාත් ආණ්ඩුකාර ධුරය ජනාධිපතිවරයා විසින් පිරිනැමුවේය. එවර එකවරම මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු ආණ්ඩුකාර තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් නම් කර තිබුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සිය ජාතික ලැයිස්තුවෙන් දමා, රාජ්‍ය ඇමැතිකම් ලබාදී, මේ වන විට ආණ්ඩුකාරකම් ලබා දී තිබෙන හිස්බුල්ලාගේ යටි කූට්ටු වැඩපිළිවෙළ පැහැදිලිවන්නේ මඩකලපුවේ ඉදිවන විශ්වවිද්‍යාලය දෙස බලන විටය.
ෂාරියා 3දැනටමත් මඩකලපුව ආදී නැගෙනහිර ප‍්‍රදේශයේ මුස්ලිම් පිරිස බහුලව සිටින පළාත් පවතින්නේ මුදා නොගත් ප‍්‍රදේශ ලෙසය. ඒවායේ නාගරික සැලසුමේ සිට සියල්ල අරාබි සිරි ගන්වා තිබේ. සිටවා තිබෙන්නේ රට ඉදි ගස්ය. වෙනසකට ඇත්තේ ඔටුවන් නැති එක පමණය. ඒ තරමටම අරාබි උමතුවක් මේ අන්තවාදී මනස්වලට කාන්දු වී තිබේ. තමන් වාසය කරන්නේ කුමන රටේද යන්න ඔවුහු නොදනිති. ඔවුනට අවශ්‍ය වන්නේ නැගෙනහිරින් ආරම්භ කරන සිය අරාබි ව්‍යාපෘතිය හෙවත් ඉස්ලාමීය අන්තවාදය රටේම පතුරුවා හැරීමය. ගිය ආණ්ඩු, තියෙන ආණ්ඩු සහ එන ආණ්ඩු සියල්ලම තම ඡුන්ද මල්ල පෙන්වා දණ ගස්සවා සිය අන්තවාදී උමතුව සන්තර්පණය කර ගැනීමේ සැලැස්ම ඔවුන් සතුය. මඩකලපුවේ යෝධ සරසවිය ඒ සඳහා යන එක් මගක් පමණය.
වසරකට එක්දහස් පන්සියය බැගින් වසර දහයකදී උලමා පූජකයන් හෙවත් ඉස්ලාම් දේවධර්මාචාර්යවරුන් පහළොස්දාහක් බිහි කිරීම, ඉස්ලාමීය ආගමික මතවාදය ප‍්‍රවර්ධනය කිරීම පදනම් කරගනිමින් නව විශ්වවිද්‍යාලය කටයුතු කරන බව සමහර ආරංචි මාර්ග පවසා සිටියේය. මෙහි විශේෂත්වය වන්නේ ශ‍්‍රී ලංකාව තුළ ඉස්ලාම් ශරියා නීතිය පිළිබඳව ශාස්ත‍්‍රවේදී උපාධියක් හැදෑරීමට අවස්ථාව ලබා දීමය. එම උපාධිය හදාරන සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකිරීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් ශ‍්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ඉස්ලාමීය සංවිධාන හරහා පූර්ව ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව මෙතෙක් ලොව පුරා ධර්මද්වීපය යනුවෙන් ප‍්‍රසිද්ධව තිබූ ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉස්ලාම් ඉගැනුම් මධ්‍යස්ථානය බවට පත්වනු ඇත. මේ සඳහා සහභාගී වන සිසුන් සේම එම ෂරියා නීති ආදිය ඉගැන්වීම සඳහා පැමිණෙන ආචාර්යවරුන් කවුරුන්ද, ඔවුන් අවසානයේ සේවය කරනුයේ කොතැනට ද යන්න සොයන්නේ කවුරුන්ද…? මේ රටේ වැඩ කටයුතු සිදුවෙන ආකාරයට මේ වැඬේ මුලින් නතර කර නොගත්තොත් සිදු වන්නේ ඉස්ලාමීය අන්තවාදීන් විසින් ජනාධිපතිට සහ පාර්ලිමේන්තුවට තැපැල් පතක් එවා රට අල්ලා ගන්නා තත්ත්වයට පත්වීමය.
කෝටි ගණන් අරාබි සල්ලි
2016 වසරේ පෙබරවාරි 16 වන විට ‘බැටිකොලෝ කැම්පස් කොලේජ් ප‍්‍රයිවට් ලිමිටඞ්’ හී ගිණුමේ තිබුණේ රුපියල් අට ලක්ෂ අනූදහසක මුදලක් පමණි. එම වසරේ මාර්තු හතර වැනිදා වන විට එය රුපියල් කෝටි හැත්තෑව දක්වා වර්ධනය වී තිබුණි. එයට හේතුව වී තිබුණේ, හැට නව කෝටියකට වැඩි මුදලක් සවුදියේ සිට එම අරමුදලට බැර කර තිබීමය. මෙසේ මුදල් බැර කර තිබුණේ, අලි අබ්දුල් අල් ජුෆාලි (්ඛෂ ්ඊෘඹඛඛ්්‍ය ්ඛ න්‍ඹත්‍ත්‍්ඛෂ) නම් න්‍ෑෘෘ්්‍ය 21454 තැපැල් පෙට්ටිය 15877 සවුදි අරාබිය යන ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු විසිනි.
දෙදහස් දහසය වසරේ මැයි පස් වැනිදා තවත් රුපියල් කෝටි පනස් හයකට වැඩි මුදලක් එම අරමුදලට ලැබී තිබුණි. කොල්ලූපිටිය ප‍්‍රදේශයේ රාජ්‍ය බැංකුවක ඇති ‘බැටිකොලෝ කැම්පස් කොලේජ් ප‍්‍රයිවට් ලිමිටඞ්’ ගිණුම වෙත 2016 මාර්තු මස තවත් රුපියල් කෝටි පනස් දෙකක් ද 2016 ඔක්තෝබර් මස තවත් රුපියල් කෝටි හතළිස් දෙකකට අධික මුදලක් ද, 2017 ජනවාරි මස රුපියල් කෝටි පනස් හතරට වැඩි මුදලක් ද, එම වසරේ මාර්තු මස රුපියල් කෝටි හතළිස් තුනකට අධික මුදලක් ද එම වසරේ ජුනි මාසයේදී තවත් රුපියල් කෝටි හතළිස් පන් ලක්ෂයකට අධික මුදලක් ද, ආදී ලෙස විශාල වශයෙන් විදේශීය මුදල් ගලාගෙන පැමිණ තිබේ. එසේම දේශීය වශයෙන් ද මුස්ලිම් අන්තවාදී අදහස් දරන ව්‍යාපාර සහ ව්‍යාපාරිකයන් ඒ සඳහා මුදල් ලබා දී තිබේ. එක්තරා ටැක්සි ආයතනයක් විසින් 2017-09-04 දින රුපියල් කෝටි විසි දෙකකට අධික මුදලක් බැටිකොලෝ කැම්පස් කොලේජ් ප‍්‍රයිවට් වෙත ලබා දුන්නේය.
මෙසේ අන්තවාදයෙන් විකසිත වන බැටිකොලෝ කැම්පස් කොලේජ් පීඨ 6 කින් යුතු විශ්වවිද්‍යාලයක් ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇති ලේඛනයන්හි දක්වා තිබේ. වෛද්‍ය පීඨයකට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අදාළ විස්තර ද එහි දක්වා තිබේ. ”ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨය” යනුවෙන් දක්වා ඇති පීඨයටම ”ෂරියා අධ්‍යයන දෙපාර්තමේන්තුව” පමණක් තිබීම මගින් මෙහි අවංක වුවමනාව කුමක්ද යන්න වටහා ගත හැකිය. එම ෂරියා දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම සඳහා සවුදි අරාබියේ මක්කමේ පිහිටි උමා අල් කුරා සහ තවත් විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්යවරු බඳවාගෙන ඇති බව පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා හෙළිකර සිටියේය. මහාචාර්යවරයා විසින් එහිදී සඳහන් කර සිටියේ,
2019 වර්ෂය සඳහා සිසුන් 3670 ක්ද 2020 වර්ෂය සඳහා සිසුන් 5380 මේ ආයතනයට බඳවා ගැනීමට සූදානම් වන බවත් ඉන්දියාව, බංගලාදේශය ආදී රටවලින්ද සිසුන් බඳවා ගැනීමට පිඹුරුපත් සකසා ඇති බවත්ය.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මුළු රටම නොමග යවමින් මේ ඉදි කරන්නේ ශ‍්‍රී ලංකාව පමණක් නොව දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයම අස්ථාවර කිරීමට අවශ්‍ය ඉස්ලාම් අන්තවාදීන් බිහිකරන මධ්‍යස්ථානයක් බව වැඩි දුරටත් පැවසූ මහාචාර්ය ජයසුමන වහාම මේ ආයතනය වසා දමා දැනට ගොඩ නගා ඇති ගොඩනැගිලි සහ සම්පත් රජයට පවරා ගෙන ඵලදායි ලෙස භාවිත කළයුතු බවට කරුණු ඉදිරිපත් කළේය.
වහාම තහනම් කරන්න…
දැන් අපට සිත සිතා ඉන්නට වේලාවක් නැත. සියලූ තොරතුරු තම මේසය මතට ලැබී තිබියදී, රටම විලාපයෙන් පිරී ඉතිරී යනතෙක් බලා සිටි ආණ්ඩුවකින් අපේක්ෂා කළ හැක්කේ, කඩු සෙවීම, ලොරි ඇල්ලීම, මරාගෙන මැරෙන ත‍්‍රස්තයන් යන එන ආකාරය පිළිබඳ වීඩියෝ දර්ශන ඉදිරිපත් කිරීම වැනි මාධ්‍ය සංදර්ශන මිස, එම අන්තවාදය හිසෙන්ම සිඳිනා විසඳුම් නොවේ. නැගෙනහිර ප‍්‍රදේශයෙන් ආරම්භ කිරීමට සැරසෙන මේ විශ්වවිද්‍යාලය පිටුපස එදා සිටම යහපාලන දෑත් ගෑවී තිබුණි. තමන්ගේ අනාගත අපේක්ෂාව සඳහා මුස්ලිම් ඡුන්ද මල්ල දිනා ගැනීම සඳහා මෙවැනි වරදාන ලබාදීම එම ලොක්කන්ට සුළු දෙයකි. ඔවුහු ලොකු පුටුවලට පැමිණි පසු වැඩි වැඩියෙන් වරදාන ලබාදෙමින් තවදුරටත් තනතුරේ සිටීමට, නැතහොත් දෙවැනි වාරයේ ද ලොකු පුටුව සඳහා තරග වැදීමට සුළු ජාතික ඡුන්ද දිනා ගන්නට මෙවැනි කප්පම් ලබාදීමට එකඟ වී තිබුණා විය හැකිය. ඒ නිසා එවැනි පාලකයන්ගෙන් මෙවැනි අන්තවාදී සරසවියක් රජයට පවරා ගැනීමට ඉල්ලීම, අනගි හාස්‍යයක් රටට ලබා දෙන්නට අවස්ථාවක් උදාකර දීමකි. මෙම සරසවිය සඳහා අනුබලය ලබාදුන් හස්තය, ඔවුනට මුදල් සහ අනුග‍්‍රාහකත්වය ලබා දුන් පිරිස නියමාකාරයෙන් හෙළිදරව් කර ගැනීම අත්‍යවශ්‍යය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වඩා දරුණු අනාගත සැලසුමක් එයින් හෙළිදරව් කර ගැනීම සඳහා මං පෙත විවර වනු ඇත. එම නිසා, මෙම විශ්වවිද්‍යාලය පිළිබඳව සොයා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සහිත කොමිසමක් පත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. එවිට පදනමේ සිට මෙම කතාව ඉදිරියට එනු ඇත. බැඳුම්කර කොමිසමේදී මෙන් සෑහෙන පමණ තොරතුරු ප‍්‍රමාණයක් ජනතාවට දැනගැනීමට හැකිවනු ඇත. දිගින් දිගටම මෙම සරසවිය පිළිබඳව සොයා බලා, අධ්‍යාපනයේ නාමයෙන් අන්තවාදය සුපෝෂණය කිරීමට ලකලැහැස්ති වන දේශීය සහ විදේශීය බලවේග කවුද යන්න රටට හෙළිදරව් කළ යුතුය. මෙම යෝජනාවට ආණ්ඩුව අත තබන්නේ නැති බව අවසාන වශයෙන් කිව යුතුය. ආණ්ඩුවේ සමහර චරිත අරාබි රටවල, මෙම මුස්ලිම් නායකයන් සමග කරක් ගසමින් මෙවැනි අන්තවාදී ආයතන එකඟ වෙමින් පටු දේශපාලන වාසි සඳහා, මෙවැනි ව්‍යාපෘති සඳහා එකඟ විය. තමන් ද කුඩු කා ඇති බැවින් ඔවුන් මෙහිදී ප‍්‍රශ්නය කාලයට අමතක කර දමන්නට ඉඩ දෙනු ඇත. ජනතා වගකීම ඇත්තේ මෙම අවස්ථාවේදීය. ජනතාව විසින් දිගින් දිගට බලපෑම් කරමින් මෙම ආයතනය සහ රට පුරා විසිරී ඇති ශරියා පාසල් පිළිබඳව සොයා බලන්නට බලධාරීන්ට බල කල යුතුව ඇත. ඒවා තහනම් කිරීම සඳහා තම උපරිමය ජනතාව විසින් නොයොදන්නේ නම් පසුගිය පාස්කු ඉරිදාව වැනි තව දින ගණනාවක් මේ රටට අත් දකින්නට සිදුවනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...