කොටි ත‍්‍රස්තවාදය පැවති 2009 වසරට පෙර යුගය ද අපට හොඳටම මතකය. එකල ද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වරින් වර සිදු විය. එහිදී ද අහිංසක නිරායුද මිනිසුන් මිය ගිය බවත් බොහෝ පිරිස් තුවාල ලබා, රටට දේපොළ හානි සිදු වූ බවත් ඇත්තය. එහෙත් ඒ කිසිම මරාගෙන මැරෙන කොටි බෝම්බ ප‍්‍රහාරයකින් මෙතරම් රට අඩපණ වීමක් සිදු වූයේ නැත. රට ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වූයේය. විදෙස් සංචාරකයන් ද පැමිණියේය.වෙනත් රටවල් අප රට සම්බන්ධයෙන් නිකුත් කළ සංචාරක මාර්ගෝපදේශන වුවත් බොහෝ විට මුළු රටටම නොව උතුරු නැගෙනහිරට සීමා විය. මෙවර බෝම්බ ප‍්‍රහාර සංචාරක හෝටල් සහ විදෙස් සංචාරකයන් ද ඉලක්ක කරගෙන සිදු වූ නිසා සිදු වූ අහිතකර බලපෑම වැඩිය.
පසුගිය පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු මසක් ගත වී තිබේ. මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ත‍්‍රිවිධ හමුදාවත්, පොලිසියත් සැලකිය යුතු වැඩ කොටසක් කර තිබුණත් රට තවමත් යථා තත්ත්වයට පත් වී නැත. තවමත් රටේ සංචාරක පැමිණීම් පමණක් නොව මුළු රටම කිසියම් ආකාරයට අකර්මණ්‍ය වී තිබේ. ව්‍යාපාර කටයුතු ඇනහිට තිබේ. තිස් අවුරුදු කොටි ත‍්‍රස්තවාදය නිමා කළ මේ රටේ ආරක්ෂක අංශ ගැන ජනයාට අවිශ්වාසයක් නැත. එහෙත් පොදු මහජනයාට රජයේ ආරක්ෂක වැඩපිළිවෙළ ගැන නම් එතරම් විශ්වාසයක් ඇතිව තිබෙන බවක් නොපෙනේ. පාසල්වලට පවා ළමයින් එවීමට දෙමව්පියන් මැලි වන්නේ මේ අවිශ්වාසය නිසාය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනයාට විශ්වසනීය ක‍්‍රියාත්මක වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු වේ. රට තවමත් යථා තත්ත්වයට පත්ව නැත්තේ මෙවැනි විශ්වසනීය වැඩපිළිවෙළක් නැති නිසාය. ඒ තුළ විදෙස් සංචාරක පැමිණීම් ඇතුළු රටේ පොදු ආර්ථික ක‍්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්වීම තරමක් කල්ගත වන බවක් පෙනෙන්නට තිබේ. ගිය වසරේ (2018) ශ‍්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සියයට 3.2 දක්වා පහත වැටී තිබූ අතර මේ පසුබිම තුළ මේ වසරේ (2019) ආර්ථික වර්ධනය අපේක්ෂිත සියයට 4 ට වඩා පසුබෑමට ලක් වනු ඇතැයි නිසැක වශයෙන්ම කිව හැකිය. මේ නිසා මෙම බෝම්බ ප‍්‍රහාරයෙන් පසු පසුබෑමට ලක්ව ඇති ආර්ථික ක‍්‍රියාකාරීත්වය හමුවේ මේ වසරේ ආර්ථික වර්ධන පුරෝකථන සංශෝධනයට ලක් කිරීමට සිදු වනු ඇත. පාස්කු දින බෝම්බ ප‍්‍රහාරයට පෙර පවා රටේ ආර්ථිකය තිබුණේ යහපත් තැනක් නොවේ. නිසි ආර්ථික ප‍්‍රතිසංස්කරණ නොකිරීම නිසා ආර්ථිකය අද වැටී තිබුණේ මන්දගාමී වර්ධන මාවතකටය. ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා මෙන් අප පත් වූයේ ඉමහත් විපතකටය. එහෙත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ මේ තත්ත්වයෙන් නිවැරදි කර ගැනීමට අනෙකුත් නිසි ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් මේ තත්ත්වයෙන් අපට ඉක්මනින් ගොඩ ඒමට බැරි කමක් නැත. එහෙත් පාස්කු ප‍්‍රහාරයෙන් මසකට පසුව පවා එවැනි විශ්වාසයක් මහජනයා තුළ ජනිත කර ගැනීමට මේ රජය සමත්ව නොමැති වීම බරපතළ අයහපත් ලක්ෂණයකි.
කොටි ත‍්‍රස්තවාදය පැවති 2009 වසරට පෙර යුගය ද අපට හොඳටම මතකය. එකල ද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර වරින් වර සිදු විය. එහිදී ද අහිංසක නිරායුද මිනිසුන් මිය ගිය බවත් බොහෝ පිරිස් තුවාල ලබා, රටට දේපොළ හානි සිදු වූ බවත් ඇත්තය. එහෙත් ඒ කිසිම මරාගෙන මැරෙන කොටි බෝම්බ ප‍්‍රහාරයකින් මෙතරම් රට අඩපණ වීමක් සිදු වූයේ නැත. රට ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වූයේය. විදෙස් සංචාරකයන් ද පැමිණියේය.වෙනත් රටවල් අප රට සම්බන්ධයෙන් නිකුත් කළ සංචාරක මාර්ගෝපදේශන වුවත් බොහෝ විට මුළු රටටම නොව උතුරු නැගෙනහිරට සීමා විය. මෙවර බෝම්බ ප‍්‍රහාර සංචාරක හෝටල් සහ විදෙස් සංචාරකයන් ද ඉලක්ක කරගෙන සිදු වූ නිසා සිදු වූ අහිතකර බලපෑම වැඩිය. අප රටේ සංචාරය කිරීම ගැන වෙනත් රටවල් 37 කින් පමණ එරට වැසියන්ට අවවාදාත්මක මාර්ගෝපදේශන නිකුත් කර තිබේ. මේවා ඉවත් කර ගැනීමට කෙතරම් කාලයක් ගතවනු ඇතිදැයි සිතා ගැනීමටත් අපහසුය. එම විදේශික රටවලට ඔවුන්ගේ වැසියන්ට අපේ රටේ සංචාරය කිරීම සලකා බැලීම සඳහා අපේ රටේ ජාතික ආරක්ෂාව සහ පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ට විශ්වාසය තහවුරු කළ යුතුව තිබේ. එය මෙරට ආරක්ෂක අංශ සහ රජය විසින් නිල වශයෙන් කළ යුතු දෙයකි. සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා කීවේ මේ සම්බන්ධයෙන් සියලූ තානාපති කාර්යාල වෙන වෙනම දැනුම්වත් කරන බවයි. එය හොඳ දෙයකි. එහෙත් සියල්ලට පෙර ජාතික ආරක්ෂාව ගැන මෙරට වැසියන්ට විශ්වාසය තහවුරු කළ යුතු වේ.
ත‍්‍රස්තවාදී සම්බන්ධතා ගැන රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව නොයෙකුත් චෝදනා එල්ල වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ගැන එම ඇමැතිවරයා යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගෙන් තෙවරක් දුරකතනයෙන් විමසුම් කර තිබේ. මාධ්‍ය ඇසූ ප‍්‍රශ්න කිරීම් හමුවේ යුද හමුදාපතිවරයා ඒ බව රටට කියා සිටියේය. රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා ද ඒ බව පිළිගෙන තිබේ. කැබිනට් ඇමැතිවරයෙක් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් වෙනුවෙන් යුද හමුදාපතිවරයාගෙන් තුන්වරක් විමසන්නට නම් අපට හැෙඟන්නේ ඔවුන් අතර බලවත් සමීප සම්බන්ධයක් තිබය යුතු බවයි. එහෙත් මහජනයා ප‍්‍රශ්න කරන්නේ ඔහුගෙන් අඩු තරමේ ප‍්‍රශ්න කිරීමක් හෝ කර නැති බවයි. දැන් රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. මේ ගැන ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා රටට සිය තීරණය ඉදිරිපත් කර තිබේ. එනම් ඔහු පසුගිය මැයි 20 දා රටට කීවේ ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයේ ඡුන්දය විමසීමට පෙර රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු එසේ නොකළහොත් තමන් ඊට පක්ෂව ඡුන්දය ලබාදීමට තීරණය කර ඇතැයි කියාය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සැකකරුවන් පිළිබඳව රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා හමුදාපතිවරයාට බලපෑම් කළ බව මේ වන විට සනාථ වී තිබෙන බව ද ඇමැතිවරයා කියයි. මේ ගැන නිරෝෂන් පෙරේරා ඇමැතිවරයා මාධ්‍යයට මෙසේ ද පවසා තිබුණි.
”අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමැතුම් ලබාදුන් බව යුද හමුදාපති ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම අමාත්‍යවරයාත් ඇමතුම් ලබාදුන් බවත් පිළිගෙන තිබෙනවා. මෙම තත්ත්වය මත ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතුවලට අමාත්‍යවරයාගේ හැසිරීමෙන් බලපෑමක් සිදුවන බවට ප‍්‍රබල සමාජ මතයක් ගොඩනැඟී තිබෙනවා.”
ඔහු මෙසේ කී පසු එක්සත් ජාතික පක්ෂයේම නවීන් දිසානායක පෙරේදා (21) කීවේ වෙනත් කතාවකි. එනම් නිරෝෂන් පෙරේරා මන්ත‍්‍රීවරයාට වැරදීමක් සිදුව ඇති බවත් රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් ඡන්දය ප‍්‍රකාශ කරන බවත්ය. මේ ලියුම්කරු මේ ගැන එදින රාත‍්‍රියේම නිරෝෂන් පෙරේරා ඇමැතිවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඔහු කියා සිටියේ තම තීරණයේ වෙනසක් නැති බවයි. එසේම තම මන්ත‍්‍රී කණඩායම් රැස්වීමේ දී ද එවැනි තීරණයක් නොගත් බව ද ඔහු කීවේය. එලෙස තම ස්ථාවරයේ නොවෙනස්ව සිටීම අගය කළ යුතු කරුණකි.
මීළඟට ජනාධිපතිවරයා විසින්ම පත් කළ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය ගැන ද රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. ආධාරයක් වශයෙන් මෙරටට ලැබුණු මඩකලපුවේ ඉදිකරගෙන යන ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ පුත‍්‍රයාට හිමි වීම පිළිබඳව රජය පරීක්ෂණයක් සිදු කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා (09) පැවසීය. පෙරේදා රාත‍්‍රියේ සිරස සටන මතවාද සභාවට පැමිණි උසස් පොලිස් නිලධාරීන් ප‍්‍රකාශ කළේ පසුගිය බෝම්බ ප‍්‍රහාර එල්ල කලේ කොටි ත‍්‍රස්තවාදීන් මෙන් නිජ භූමියක් දිනා ගැනීමට නොව කිසියම් ආගමික උමතුවකින් බවයි. ඔවුන් ආගමික අන්තවාදීන් පිරිසක් බවද කියවිණි. දේශබන්දු තෙන්නකෝන් මහතා ද කීවේ ආගමික උන්මාදයකින් කටයුතු කරන පිරිසක් බවයි. ආගමක නාමයෙන් මරාගෙන මැරෙන්න පුළුවන් නම් එය බරපතළ තත්ත්වයකි. එය එම ආගම අදහන සියලූ දෙනාට බලපාන තත්ත්වයකි. මුස්ලිම් අයගෙන් එවැනි අන්තවාදී පිරිස් සිටින්නේ ඉතා සුළු පිරිසක් යයි කියා සිටියත් ඔවුන් ඒ ත‍්‍රස්ත ක‍්‍රියා කරන්නේ ආගමික
ඉගැන්වීම් පදනම් කර ගනිමින් නම් අනාගතයේදී වෙනත් අය ද මෙවැනි තත්ත්වයට පත් වනු ඇතිද යන බිය අනෙකුත් නිරායුද අහිංසක ජනයාට ඇති වන්නකි. සියලූ මුස්ලිම්වරුන් එසේ නොවිය හැකි නමුත් මේ තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද? අනෙකුත් ජනයාගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද? ඔවුන් මේ සිය ආරක්ෂාවට ගෙදර කඩුවක්වත් තබාගෙන නොසිටින පිරිසකි. යමෙක් කඩු හෝ ආයුධවලින් සන්නද්ධ වී සිටී නම් එහි අර්ථය කුමක්ද? ඔවුන් ප‍්‍රශ්නයක් වුවහොත් නීතියේ පිළිසරණ පතන පිරිසක් නොව නීතිය අතට ගෙන කටයුතු කරන පිරිසක් බවයි. වෙනත් අරාබි රටවල අතපය සහ බෙලි කපන දර්ශන අන්තර්ජාලයේ තිබේ. ඒවා අපේ ජනයා ද දැක ඇත. එහෙත් ඒවා ලංකාවේ වනු ඇතැයි අපේ ජනයා සිහිනෙන්වත් සිතන්නේ නැත. එහෙත් පසුගිය කාලයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කපා මරා තිබුණේ මේ අන්තවාදීන් විසින්ම බවට දැන් හෙළිදරව් වී තිබේ. මේ නිසා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර පමණක් නොව කඩුවලින් අතපය, බෙල්ල කැපීම වැනි දේද ත‍්‍රස්ත ක‍්‍රියාවන් බව අපගේ හැඟීමයි. මෙවැනි සිදු වීම් නිසා ජනයාට බියක් තිබේ. ජනයාට බියෙන් සහ සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් රටේ තිබිය යුතුය. ඕන කෙනෙක් ඕන ආගමක් ඇදහුවාට අපට කමක් නැත. එහෙත් ඒ ආගමික ඉගැන්වීම් නිසා අනිත් ආගමිකයන් මරාගෙන මැරෙනවා නම් එය බරපතල කරුණකි. මේ නිසා රටේ නායකයන් ඉතා සරල ලෙස ගෙන කියන පරිදි ත‍්‍රස්තවාදීන් 150 ක් අල්ලා ගත් විට මේ ප‍්‍රශ්නය අවසන් වනවා යයි රටේ ජනයාට සිතන්නට පුළුවන්ද? මේ ප‍්‍රශ්න කාටත් තිබේ. මේ නිසා දැනට අකර්මණ්‍ය වී ඇති ආර්ථික කටයුතු යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට නම් සියල්ලටම පෙර ජාතික ආරක්ෂාව සහතික කළ යුතු වෙයි. පුරවැසියාට ආරක්ෂිත වාතාවරණයක් සහතික කළ යුතු වෙයි. ජෙනරාල් දයා රත්නායක කියන පරිදිම ජාතික ආරක්ෂාවේ දී සීමාවන් තිබිය නොහැකිය. එහෙත් බදියුදීන් සහ හිස්බුල්ලා වැනි අයට නීතිය ක‍්‍රියාත්මක වන ආකාරය ගැන රජයේ ක‍්‍රියාකලාපය නිසාම සැකසංකා මතුවන නිසා (මේ උදාහරණ දෙකක් පමණි.) රට ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීමට ගතවන කාලය තවත් දීර්ඝ විය හැකිය. බෝම්බ ප‍්‍රහාරවලින් මසක් ගත වීමෙන් පසුවත් තවමත් රට බොහෝ දුරට අකර්මණ්‍යව පවතින්නේ මේ නිසාය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම අතින් ශ‍්‍රී ලංකාව සිටින්නේ ‘අළු ලේඛනයේ’ – ශ‍්‍රී ලංකා මහ බැංකුව
‘මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ඵලදායිත්වය ඇගයීම සඳහා මුල්‍ය කාර්යසාධක බළකායේ ජාත්‍යන්තර සහයෝගිතා සමාලෝචන කණ්ඩායම විසින් ශ‍්‍රී ලංකාව ඇගයීමට නියමිත බව 2016 ඔක්තෝබර් මාසයේදී මුල්‍ය කාර්ය සාධක බළකාය විසින් දන්වන ලදී. සාකච්ජා සහ ප‍්‍රගති සමාලෝචන වාර්තා කිහිපයකින් පසු ජාත්‍යන්තර සහයෝගිතාවය, සුපරීක්ෂණය, නෛතික පුද්ගලයන් සහ සැකසුම් හා සමූල ඝාතක අවි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉලක්කගත මුල්‍ය සම්බාධක (උතුරු කොරියාව සහ ඉරානය) යන අංශ හතරෙහි ප‍්‍රමාණවත් ප‍්‍රගතියක් ශ‍්‍රී ලංකාව විසින් අත්කරගෙන නොමැති බව මුල්‍ය කාර්ය සාධක බළකාය විසින් ශ‍්‍රී ලංකාවට දන්වන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස, 2017 ඔක්තෝබර් මාසයේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හිදී පැවති මුල්‍ය කාර්ය සාධක බළකායේ සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත‍්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ක‍්‍රමෝපායන්ගේ දුර්වලතා සහිත රටක් ලෙස මුල්‍ය කාර්යසාධක බළකායේ අනුකුලතා ලේඛනයෙහි ලැයිස්තුගත කරන ලද අතර, මෙය ‘අළු ලේඛනයට’ ඇතුළත් වීම ලෙස හඳුන්වයි. මෙසේ ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව, එම හඳුනාගත් ක‍්‍රමෝපායමය දුර්වලතා මගහරවා ගැනීම සඳහා කාල රාමුවකට යටත් වූ ක‍්‍රියාකාරී සැලැස්මක් ශ‍්‍රී ලංකාවට ලබා දෙන ලදී.’
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව – 2018
ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...