විදේශ පුවත්

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ තුළ එරට කැබිනට් මණ්ඩල ආරක්ෂාවට සිදුවූ දැවැන්තම හානිය පිළිබඳ විශේෂ විමර්ෂණයක් ආරම්භකිරීමට එරට රජය පියවර ගෙන තිබේ. එනම් ඕස්ට්‍රේලියානු වත්මන් හා පෙර පැවති රජයේ අතිශය රහසිගත ලිපි ගොනු දෙකක් පැරණි භාණ්ඩ අලෙවි කඩසාප්පුවක තිබියදී හමුවීම සම්බන්ධයෙනි.
ඕස්ට්‍රේලියාවේ ජාතික විකාශන සමාගම වන ඒබීසී නාළිකාව විසින් මෙම ලිපිගොනු පිළිබඳ පසුගිය දිනවල අනාවරණය කිරීමත් සමග එරට රජය මෙන්ම ජනතාවද තුළ ද ඒ පිළිබඳ මහත් ආන්දෝලනයක් හටගත්තේය.

අනතුරුව මේ පිළිබඳ විශේෂ රහස්‍ය සාකච්ඡාවක් සඳහා අගමැතිවරයා වහා කැබිනට් මණ්ඩලය ද රැස් කරවීය. කැන්බරාහි භාවිත කරන ලද භාණ්ඩ අලෙවිසලක තිබූ ලිපිගොනු පිරවූ අල්මාරියක තිබී මෙම ලිපිගොනු හමුවී ඇත. මෙම ලිපිගොනු දෙක තුළ රාජ්‍ය රහස් සහිත පිටු සිය ගණනක් තිබී ඇති අතර ඉන් බොහෝමයක් ඒබීසී මාධ්‍ය ජාලය විසින් අනාවරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More