පළාත් පාලන මැතිවරණයට පෙර තමා අත්අඩංගුවට ගන්නා බවට සිදුවන ප්‍රචාරයන් පිළිබඳව කිසිදු සත්‍යතාවක් නොමැති බව හිටපු මුදල් අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
ඇතැම් මාධ්‍ය ඇතුළු ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි යම් යම් අරමුණු අනුව සිදුකරගෙන යනු ලබන මෙම ප්‍රචාරයන් පිළිබඳව කිසිදු සත්‍යතාවක් නොමැති බවද රවී කරුණානායක මහතා පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරයෙන් තාවකාලිකව ඉවතකිරීමට ගත් තීරණය ගැන විමසූ අවස්ථාවේදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙම තීරණය ගැන තම ස්ථාවරය පැහැදිලි කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...