දේශීය පුවත්

‘‘මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟම ගලගෙදර ප‍්‍රදේශයේ නව නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කරනවා’’

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ මහනුවර ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට (01.31 දින) එක් වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අද අපට ජනවරමක් ලැබිලා තියෙනවා. එ් ජනවරම කිසිසේත්ම පළුදු වෙන්න අපි ඉඩ කියන්නේ නැහැ. කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අද ආරම්භ කරලා තියෙනවා. 2020 අගෝස්තු මාසය වන විට පැයකින් මහනුවර ඉඳලා කොළඹට යන්න පුළුවන් විදියට අධිවේගී මාර්ගය ඉදිකරලා අවසන් කරනවා.

මේ මාර්ගය විවෘත වෙනවාත් සමඟම උඩරට පළාතේ විශාල දියුණුවක් ඇති වෙනවා. ඉඩම්වල වටිනාකම දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. සංචාරකයින් වැඩි වෙනවා. ආයෝජකයින් වැඩි වෙනවා. ගරු අගමැතිතුමා දැනටම සැලසුම් සකස් කරලා තියෙනවා, අධිවේගී මාර්ගය ඉදිවීමත් සමඟම ගලගෙදර ප‍්‍රදේශයේ අක්කර හාරසීයක පමණ ප‍්‍රදේශයක නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කරන්න. එමඟින් මේ දිස්ත‍්‍රික්කයේ දරුවන්ට රැුකියා අවස්ථා ලබා දෙන්න. අපි ඡුන්දය ඉල්ලන්නේ වැඩ පිලිවෙලක් පෙන්නලා. අපේ පලාත් දියුණු කරන්න අපිට සැලැස්මක් තියෙනවා.

මෙම අවස්ථාව සඳහා ප‍්‍රදේශයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More