සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පිණිස මහා සංඝයා වෙතින් රජකම ලබාගත යුතු බව කියැවේ. එයින් පෙනී යන්නේ ලංකාද්වීපයෙහි රාජ්‍යයත්වයට පත්වීම උදෙසා පාලකයා මහා සංඝරත්නයේ අනුමැතිය ලබා ගත යුතු බවයි. දහවන ශතවර්ෂය පමණ වන විට මෙම මතය වඩාත් සංවිධානාත්මකවත්, වර්ධනීයවත් පැවති බව හතර වන මිහිඳු රජුගේ ශිලා ලේඛනවලින් සනාථ වෙයි.
‘‘ලක්දිව් නොබෝසත්තු නොරජ්ජුවම් හයි.’’ මෙම පාඨයෙන් සනාථ වන්නේ ලක්දිව රාජ්‍යත්වයට පත්වන්නා සතුව බෝධිසත්ත්ව ගුණ පැවතිය යුතු බවයි.
ශ‍්‍රී ලාංකේය භූමියේ හිමිකාරිත්වය පිළිබඳ, අයිතිය පිළිබඳ, උරුමය පිළිබඳ විටින් විට විවිධ අදහස් සමාජයෙහි හුවමාරුවෙමින් පවතී. මේ දිනවල ද අමාත්‍ය මංගල සමරවීර මහතා ශ‍්‍රී ලංකාවේ භූමියේ අයිතිය පිළිබඳ සිදුකළ ප‍්‍රකාශයක් ලාංකේය සමාජය උණුසුම් කිරීමට සමත් වී ඇත.
‘‘ශ‍්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙවෙයි. ලංකාව කියන්නේ ශ‍්‍රී ලාංකිකයන්ගේ රටක්. ඒ ශ‍්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ.’’
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මේ ප‍්‍රකාශය පිළිබඳ පක්‍ෂව හා විපක්‍ෂව නොයෙක් අදහස් ඉදිරිපත් වෙමින් පවතී.
අමාත්‍ය මංගල සමරවීර 1989 මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයෙකු ලෙස ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසුණේය. මේ වන විට ඔහුගේ පාර්ලිමේන්තු ධුර කාලය වසර තිහකි. මංගල සමරවීර මහතා 1994 චන්‍ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ කැපී පෙනෙන චරිතයකි. චන්‍ද්‍රිකා මැතිනිය බලයට ගෙන ඒමේ ජනතා ව්‍යාපාරයට උරදුන් කිහිපදෙනා අතරින් කෙනෙකි. එසේම 2004 වසරේ එක්සත් ජනතා නිදහස් සංධානය බිහිකිරීමෙහිලා මෙන්ම 2005 වසරේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙහි පිහිටුවීමෙහිලා මංගල සමරවීර මහතා සුවිශාල කාර්යභාරයයක් ඉටු කළේය.
නමුත් මංගල සමරවීර මහතා ඉතිහාසය පුරා විවිධ අවස්ථාවල සිංහල බෞද්ධ සමාජය හා සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සිදු කර ඇත.
කෙතරම් දැන උගත්කම් තිබුණ ද, අත්දැකීම් තිබුණ ද මංගල සමරවීර වැනි දේශපාලනඥයෝ තමන්ට ලැබී ඇති ඇමැති, මන්ත‍්‍රී වරසප‍්‍රසාද අවභාවිත කරමින් නොයෙක් විදියේ අශීලාචාර ප‍්‍රකාශ නිකුත් කරති. මෙරට ජනතාවගේ ජාතික ආගමික හැ`ගීම් කෙළෙසන කතා කියති. මෙරට ප‍්‍රජාව ද දේශපාලනඥයින්ගේ මේ උම්මත්තක අශීලාචාර කතා අසා සිටිති. ඔවුහු කිසිවිටෙක දේශපාලනඥයන්ගේ මෙවැනි කතා කෙරෙහි සිය විරුද්ධතාව නොදක්වති.
නමුත් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප‍්‍රකාශය අනුමත කරන ඔහුගේ අනුගාමිකයන්ගේ ද, ඔහුගේ කතාවට හුරේ දමන ආධාරකරුවන්ගේ ද සැම විට බෞද්ධ සංස්කෘතියට ගරහන ද්‍රෝහීන්ගේ දැනගැනීම පිණිස ශ‍්‍රී ලාංකේය භූමියේ හිමිකාරිත්වය හා එහි පවත්නා බෞද්ධාගමික පදනම මෙන්ම ලාංකේය සංස්කෘතිය සතුව පවතින බෞද්ධාගමික උරුමය පිළිබඳ යමක් ලියා තැබීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
කොටහේනේ පඤ්ඤාකිත්ති තෙරුන් වහන්සේ විද්‍යාලංකාර ලිපි සරණියේ දක්වන පරිදි සිංහලයන්ට උරුම වූ දේශාභිමානය, ජාති හිතෛෂිභාවය, සාර්වජනීන විචාර, ආත්ම ධෛර්යය ක‍්‍රියා කෞශල්‍යය, ශාස්ත‍්‍රාභිලාෂය, කලාරුචිය පරිත්‍යාග ශක්තිය, සහනශීලීත්වය වැනි ගුණාංග මිහි`දු මහරහතන් වහන්සේ බුදුදහම සම`ග මෙරටට ගෙන ආහ. කාලාන්තරයක් තිස්සේ මේ ධර්මතා සිංහල ද්වීපය තුළ හැදී වැඞී ඔපමට්ටම් වූයේ ය. සිංහල ද්වීපයේ වැසියන් තම ජීවන පැවැත්ම උදෙසා ද සමාජ ආචාරධර්ම පෝෂණය උදෙසා ද, සමාජ සංවිධානය උදෙසා ද මෙම ධර්මතා උපයෝගී කරගත් බව පෙනේ.
‘‘මිහ`ිදු මහරහතන් වහන්සේ මෙරටට ගෙන ආවේ හුදු ආගමක් පමණක් නොවේ. උන්වහන්සේ අංග සම්පූර්ණ ශිෂ්ටාචාරයක් ද මෙරටට ගෙන ආවේ’’ යැයි වල්පොල රාහුල හිමියෝ පසු කලෙක ලියා තැබූහ. ඒ අනුව සියලූ ලාංකිකයෝ එම ශිෂ්ටාචාරයෙන් සාමාජිකයන් බවට පත් වූහ. බුදු දහමෙන් පෝෂණය වූ සිංහල බෞද්ධ රාජ්‍යයේ වැසියෝ එම දහමේ මාහැ`ගි ධර්මතා මත පිහිටා සියලූ ආධ්‍යාත්මික සහ භෞතික සබඳතා ගොඩන`ගා ගත්හ.
බුදු දහමේ දාර්ශනික පිළිවෙත අනුව යමින් ඔවුහු සිය ආධ්‍යාත්මික ශික්‍ෂණය ඇති කරගත්හ. එපමණක් නොව සෑම පුද්ගලයෙක්ම සමාජයේ වෙසෙන සෙසු සියලූ පුද්ගලයන් දෙස ‘මව තම එකම දරුවා දෙස බලන’ මෙත් සිතින් බැලීමට හුරු මානසික ශික්ෂණයක් ඇති කරගත්තේ බුදුහමේ ඉගැන්වෙන මෙත්, කරුණා ගුණයේ අනුහසිනි. ඒ අනුව ලක්දිව බෞද්ධයෝ මෙම දාර්ශනික ඉගැන්වීම් සාරධර්ම වශයෙන් සලකා සිය මානව දයාව මෙන් ම ජීවහිතවාදය ද එක ලෙස දියුණු කර ගත්හ.
ලොව කිසිදු ජාතියකට නොදෙවැනි ශික්ෂාකාමී ජීවිතයක් ලක්දිව බෞද්ධයින් ගොඩන`ගා ගනු ලැබුවේ බුදුදහමේ ඉගැන්වීම් සෘජුවම සිය ජීවිතයට ආදේශ කරගැනීම මගිනි. ලක්දිව ආදි බෞද්ධයෝ ලොව කිසිදු ජාතියකට නොදෙවැනි ලෙස අල්පේච්ඡුතාවයෙන් සහ සංතුෂ්ටියෙන් පිරුණු ජීවිතයක් ගත කිරීමට පුරුදු වී සිටියහ. ඔවුහු සිය ජීවිතයේ සුන්දරත්වය ආස්වාදනය කළේ තෘප්තිමත් බව මගින් මිස අතෘප්තිකර ආශාවන්ගෙන් මෙහෙය වනු ලැබූ අසීමිත භෞතික සමෘද්ධිය පසුපස හඹා යෑමෙන් නොවේ. එසේම බුදු දහමින් සිය ජීවිතය පෝෂණය කර ගත් ලක්දිව සිංහල බෞද්ධ ජනතාව සෑම විටම එකෙකු පරයා අනෙකා
නැ`ගීසිටීමට වෑයම් නොකළහ. එබැවින් මේ ආදී ලාංකික බෞද්ධයෝ සෑම විටම ස්වකීය ජීවන පැවැත්මේදී තරගකාරිත්වයට වඩා සහයෝගය අගය කළහ.
ලක්දිව වසා පැතිරුණු මෙම දැවැන්ත වනස්පතියේ මුදුන් මුල බවට පත්ව සිටියේ භික්ෂූන් වහන්සේය. එහෙයින් ලාංකේය සමාජය ගොඩනැංවීමෙහිලා මෙන් ම විකාශනය වීමෙහිලා භික්ෂුවගේ භූමිකාව අතිශයින් තීරණාත්මක ස්වරූපයක් ගනී.
පුද්ගලයාගේ ලෞකික මෙන්ම ලෝකෝත්තර පැවැත්ම උදෙසා ගොඩනැ`ගුණ මෙම භික්ෂු සම්ප‍්‍රදාය ප‍්‍රඥාවේ උසස් බව නිරූපණය කෙරෙන බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් ඇසුරෙන් ක‍්‍රියාත්මක වූයේ ය. එහෙයින් ලාංකේය භික්ෂුන් වහන්සේ සෑම විටම ජාතියේ මාර්ගදේශකයෝ වූහ.
ලාංකිකයා තුළ ශාස්ත‍්‍ර ප‍්‍රබෝධය, දියුණු කළේ ද කලා රුචිය වර්ධනය කළේ ද භික්ෂු අධ්‍යාපනය තුළිනි. එහෙයින් ආදී ලක්දිව සමාජයේ භික්ෂූන් වහන්සේ වූ කලී මාර්ගදේශකයෙකි. අධ්‍යාපනඥයෙකි. ලේඛකයෙකි. විචාරකයෙකි. එපමණක් නොව භික්ෂූන් වහන්සේ ජාතියේ උන්නතිය උදෙසා දැඩි ආත්ම විශ්වාසයකින් හා නොපසුබට උත්්සාහයකින් ක‍්‍රියා තැනැත්තෙකි.
උන්වහනසේගේ ප‍්‍රතිපදාව කරුණාව, ප‍්‍රඥාව, අධිෂ්ඨානය, පරිත්‍යාගය, සේවය, විචාරය, සුචරිතය වැනි මාහැ`ගි ගුණාංගවලින් නිබඳවම පෝෂණය වී පැවතිනි. බුදුදහමෙන් පෝෂණය වූ ලක්දිව භික්ෂුව ස්වකීය ශ‍්‍රාවකයන්ට තම ජීවිතයට සරු දෙය සරු වශයෙන් ගෙන එය පෝෂණය කර ගන්නා අන්දම ද නිසරු දේ සිය ජීවිතයෙන් බැහැර කර ජීවිතය පිරිසිදු හා ආරක්ෂා කර ගන්නා අන්දම ද පිළිබඳව ද ඉගැන්වූහ. එසේම තමා සිදුකරන හොඳ හෝ නරක ක‍්‍රියාවේ ස්වභාවය අනුව තමාට ප‍්‍රතිලාභ ලැබෙන ආකාරය සම්බන්ධයෙන් ද භික්ෂූන් වහන්සේ ශ‍්‍රාවකයා දැනුවත් කළහ. මේවායේ අරමුණු වූයේ සිය ශ‍්‍රාවකයන් සියලූ පාපී කි‍්‍රයාවන්ගෙන් වළකා යහපතෙහි පිහිටුවීමට අවශ්‍ය සමාජ පසුබිම සකස් කර දීමයි.
අනුරාධපුර යුගයෙන් ආරම්භ වී වර්තමානය දක්වා පවතින මෙරට සාහිත්‍යය ඉතිහාසයේ නිර්මාණය වූ විවිධ සාහිත්‍ය කෘති අතරින් කෘති විශාල ප‍්‍රමාණයක් රචනා කර ඇත්තේ භික්‍ෂූන් වහන්සේලා වීම විශේෂත්වයකි. පෙර උගැන්මත්, ඉගැන්වීමත් භික්‍ෂූන් අතෙහිම පැවතීම නිසා සිංහල සභ්‍යත්වයත්, සංස්කෘතියත් කාමාවේශ වූවන් අතින් ¥ෂණය වීම වැළකුනේ යැයි විටක මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ද පවසා ඇත.
ලාංකේය භික්‍ෂුවගේ සමාජ භූමිකාව විමර්ශනය කිරීමේ දී උන්වහන්සේලා ගේ දේශපාලනික දායකත්වය වැදගත් වේ. ආගමත්, රාජ්‍යයත් ජාතියත් එකට එකතු කර රටේ පාලනය ගෙන යාම පිණිස මෙන්ම රට වැසියාගේ නිදහස හා පැවැත්ම සුරක්‍ෂිත කිරීම පිණිස භික්‍ෂූන් වහන්සේලා නොමඳ සහායක් ලබා දුන්හ.
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පිණිස මහා සංඝයා වෙතින් රජකම ලබාගත යුතු බව කියැවේ. එයින් පෙනී යන්නේ ලංකාද්වීපයෙහි රාජ්‍යයත්වයට පත්වීම උදෙසා පාලකයා මහා සංඝරත්නයේ අනුමැතිය ලබා ගත යුතු බවයි. දහවන ශතවර්ෂය පමණ වන විට මෙම මතය වඩාත් සංවිධානාත්මකවත්, වර්ධනීයවත් පැවති බව හතර වන මිහිඳු රජුගේ ශිලා ලේඛනවලින් සනාථ වෙයි. ‘‘ලක්දිව් නොබෝසත්තු නොරජ්ජුවම් හයි.’’ මෙම පාඨයෙන් සනාථ වන්නේ ලක්දිව රාජ්‍යත්වයට පත්වන්නා සතුව බෝධිසත්ත්ව ගුණ පැවතිය යුතු බවයි. භික්‍ෂූන් වහන්සේ රාජ්‍ය පාලනය පිණිස ස්වකීය භූමිකාවේ මෙහෙය වූ තවත් ක‍්‍රියාකාරකමක් පිළිබඳ නව වන ශතවර්ෂයේ දී වාර්තා වේ. එනම්, යමෙක් රටේ පාලකයා ලෙස ඔටුනු පැළඳවීම ආගමික කටයුත්තක් සේ සලකා මහා සංඝරත්නය ඉදිරියේ සිදු කෙරුණ බවයි.
නමුත් රජතුමා බෞද්ධයකු වූ පමණින් රටේ ප‍්‍රජාව ද බෞද්ධ ආගමට යොමු කරවීමේ ප‍්‍රතිපත්තියක් නොවුණි. එසේම රාජ්‍ය ආගම නැමැති සංකල්පය ද බුදු දහම වෙතින් ප‍්‍රතික්ෂේප වේ. රජතුමා මහා සම්මතයෙන් හෙවත් ජනතාවගේ කැමැත්තෙන් තෝරා ගැනුණු බව 2300 වසරක මිහිඳු සංස්කෘතිය, ශාස්ත‍්‍රීය ලිපි සංග‍්‍රහයේ සඳහන් වේ. එහි උපුටනයක් පහතින් දැක්වේ.
‘‘ලංකාවේ නියම රාජාණ්ඩු ක‍්‍රමයක් බිහි වූයේ දේවානම් පියතිස්ස රජුගේ කාලයේ දී බව ඉහත දැක්වීමු. ක‍්‍රි. ව. 1815 දක්වා ම පැවතුණේ එම රාජාණ්ඩු ක‍්‍රමය මැයි. එය අත්තනෝමතික හෝ සර්වබලධාරී වූවක් නොවී ය. රජු බෞද්ධයකු වූ පමණින් රටවැසි සියල්ලන් විසින් එම ආගම වැළඳ ගත යුතු යැයි හෝ පිළිපැදිය යුතු යයි නියමයක් දේවානම් පියතිස්ස කාලයේ සිට 1815 තෙක් වූ අවුරුදු දෙදහස් දෙසීයකට අධික ලංකා ඉතිහාසයේ කිසි විටෙකත් දක්නට නොලැබේ’’.
බෞද්ධ සංස්කෘතියේ සංකේත වශයෙන් සැලකෙන ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු දන්ත ධාතූන් වහන්සේ, පාත‍්‍ර ධාතූන් වහන්සේ, කේශ ධාතූන් වහන්සේ වැනි පූජනීය වස්තූන් ද ථූපාරාමය, ලෝවාමහාපාය, රුවන්වැලි මහා සෑය වැනි බෞද්ධාගමික පූජනීය ස්ථාන ජාතික උරුමන් සේ සලකා ආරක්‍ෂා කිරීමට රටේ පාලකයා මෙහෙය වන ලද්දේ භික්‍ෂූන් වහන්සේලාගේ ද බෞද්ධ සම්ප‍්‍රදායේ ද ආභාසයෙනි.
ලක්දිව බෞද්ධයෝ ද මෙම බෞද්ධ සම්ප‍්‍රදාය වෙතින් නිබඳව ම පෝෂණය වූහ. ආදී බෞද්ධයෝ මේ බෞද්ධ ප‍්‍රතිපදාවට අනුව සිය ජීවිතය ගොඩනගා ගත්හ. මෙම ධර්මතාවලින් ශක්තිමත් වූ එවක සමාජය සැබෑ වශයෙන්ම සිංහල බෞද්ධ රාජ්‍යයක් වූයේ ය. එසේනම්, මංගල සමරවීරට අනුව නූතන ලාංකේය සමාජය සිංහල බෞද්ධ සමාජයක් නොවුයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය.
මාහැ`ගි බෞද්ධ දර්ශනයෙන් හා බෞද්ධ සංස්කෘතියකින් එක ලෙස පෝෂණය වූ ලක්දිව අද පවත්නා නොදියුණු, ප‍්‍රාථමික තත්ත්වයට ඇද දැමීමේ ද මංගල සමරවීර මහතා නියෝජනය කරන දේශපාලනඥ කුලකය බව කනගාටුවෙන් වුවද සිහිපත් කළ යුතුය.
මංගල සමරවීර මහතා නියෝජනය කරන මුග්ධ දේශපාලන සංස්කෘතියකට මෙරට තුළ නිදහසේ, රිසිසේ කටයුතු කිරීමට ඉඩ ලැබී ඇත්තේ බෞද්ධ සංස්කෘතියේම අනුහසිනි. පව, පින, යහපත, අයහපත ගැන නොසලකන ප‍්‍රජාවක් ජීවත්වන සමාජයක ලංකාවේ වැනි වංචාකාරී, තක්කඩි දේශපාලන සංස්කෘතියක් පැවතියේ නම් එම ප‍්‍රජාව මෙම මුග්ධ දේශපාලන පංතිය විනාශ කර දමනු ඇත. බුදුදහමෙන් ලැබුණු ඉවසීමේ ශක්තියෙන් දරා ගැනීමේ ශක්තියෙන් නිබඳවම පෝෂණය වූ මෙරට බහුතර බෞද්ධයෝ දේශපාලකයන්ගේ නොමනා ක‍්‍රියා උපේක්‍ෂාවෙන් ඉවසති. ඔවුහු තමාට වන හානිය, අසාධාරණය දෙස නුවණින් යුතුව බලා සිටිති. වෙනත් රටවල මෙන් ලාංකේය ප‍්‍රජාව දේශපාලකයන් සමග ගැටුම් ඇති කරගැනීමට නොයයි. ඔවුන් ඒවා ඉගෙන ගත්තේ බුදු දහමෙනි. ඔවුන්ගේ මනස ශික්‍ෂණයෙන් පෝෂණය කළේ බෞද්ධ ඉගැන්වීම් ය. මෙකී ඉවසීම ප‍්‍රජාවේ නිවට කමක් වශයෙන් මෙරට දේශපාලකයෝ සලකති. නමුත් මෙරට ජනතාව ඒවා ගණනකට නොගනිති. එහෙයින් මෙරට මුග්ධ දේශපාලකයෝ බුදුසරණේ ම අනුහසින් කිසිදු අනතුරකින් තොරව සිය දිවි රැක ගනිති.
සමන් රාජපක්‍ෂ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...