පැවති නියං තත්වය හේතුවෙන් අඛන්ඩව 2016 -17 මහ ,2017 යල සහ 2017 – 18 මහ යන කන්න තින වගා නොකළ ගොවි පවුල් සඳහා මාසිකව ලබාදෙනු ලබන වියලි සලාක 2018 ජනවාරි මස සිට 2018 අප්‍රේල් මස දක්වා කාල පරිජේදය සඳහාද තවදුරටත් ලබාදීමට රජය තීරණය කර ඇත.
පසුගිය වසර වල බලපෑ නියං තත්වය හේතුවෙන් ගොවි පවුල් 291,945 ක් පීඩාවට පත්ව ඇති බවට රජය හදුනාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කරයි. එම ගොවි පවුල් සඳහා රජය විසින් දැනටමත් ලබාදී ඇති සහනවලට අමතරව තවදුරටත් සහන ලබාදීමේ පියවරක් වශයෙන් මෙම වියළි සලාකය ලබාදීම දීර්ඝ කර ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...