දේශීය පුවත්

අපවත්වී වදාළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පෙබරවාරි මස 8 වන දින පස්වරු 3ට පමණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට තීරණය කර තිබේ.

විමලරතන හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පිළිබඳව තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණි.

හදිසි අනතුරක් හේතුවෙන් රෝහල් ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය, පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද (03) පෙරවරුවේ අපවත් වුණි

====================================================
රට, ජාතිය, ආගම වෙනුවෙන් විශාල හඩක් නැගූ බෙල්ලන්විල විමලරතන හිමියෝ අපවත්වෙති

හස්තියෙකුට ආහාර ලබාදීමට යාමේදී සිදුවූ හදිසි අනතුරකින් තුවාල ලබා රෝහල්ගතකර සිටි බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වී තිබේ.

බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් හස්තියෙකුට ආහාර ලබාදීමට යාමේදී සිදුවූ හදිසි අනතුරකින් ඊයේ (02) රෝහල් ගත කර තිබිණි.

විමලරතන හිමියන් ඊයේ පෙරවරුවේ විහාරස්ථානයේ මියන්කුමාර නැමති හස්තියාට ආහාර ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව වාර්තා විය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන් වහන්සේ මීට සුළු වේලාවකට පෙර අපවත් වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

විහාරස්ථානයේ ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී ඊයේ සිදු වූ අනතුරකින් උන්වහන්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යැවුණි.

එහිදී පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න හිමියන්ට පැය 10ක පමණ ශල්‍යකර්මක් සිදු කළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More