දේශීය පුවත්

පෙබරවාරි 10 වනදායින් පුසුව අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රබල සංශෝධනයක්වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ශ‍්‍රී ලංකානිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ප‍්‍රකාශ කළේය.

මෙම කැබිනට් සංශෝධනයේදී අමාත්‍යාංශ කිහිපයක් සහ ඇතැම් රාජ්‍ය ආයතන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ යටතට පත්වීමට ඉඩ තිබෙනබව එම අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රටේ ආර්ථිකය හැසිරවීම පසුගිය වසර තුන තුළ සිදු නොවූ නිසා රටේ ආර්ථිකය හැසිරවීම ජනාධිපතුමා යටතට ගැනීමට තීරණයවීතිබෙන බවද එම අමාත්‍යවරයා සදහන් කළේය.

මීට අමතරව රටේ නීතිය ක‍්‍රියාත්මකකරන ආයතන පිළිබදවද ජනාධිපතිතුමාගේ අවධානය යොමුවී තිබෙන බව ත් එඅනුව නීතිපති දෙපාර්තමේන්තුවද ජනාධිපතිතුමාගේ යටතට පත්වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ශ‍්‍රී.ල.නි පක්‍ෂයේ එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More