අමෙරිකාව සහ තායිවානය සිදු කිරීමට සුදානම් වන ආයුධ ගනුදෙනුවක් සම්බන්ධයෙන් රොයිටර්ස් පුවත් සේවය අනාවරණයක් සිදු කර තිබේ.
එහි දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 02කට ආසන්න වටිනාකමකින් යුත් අවිආයුධ සහ යුද ටැංකි තායිවානයට අලෙවි කිරීමට අමෙරිකාව සූදානම් වන බවය.
රහසිගත මූලාශ්රයන් ඔස්සේ ලබා ගත් තොරතුරුවලට අනුව සිදු කර ඇති මෙම අනාවරණයෙන් පැවසෙන්නේ අදාළ ගනුදෙනුව ඇතුළත් ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු කොංග්රස් මණ්ඩලය ද දැනුවත් බවය.
එහෙත් එහි වැඩිදුර තොරතුරු හෙළි කිරීමට මූලාශ්රයන් අපොහොසත් වූ බවද, රොයිටර්ස් පුවත් සේවය පළ කළ වාර්තාවේ දැක්වේ.
කෙසේවෙතත් එම පුවත් සේවය මෙම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අමෙරිකාව, තායිවානය හා එක්ව සිදු කිරීමට සැරසෙන මෙම රහසිගත අවි ගනුදෙනුව හරහා චීනය තවත් ප්රකෝපයට පත්වනු ඇති බවය.
චීනය යනු අමෙරිකාවේ මෙන්ම තායිවානයේද ප්‍රතිවිරුද්ධ මතවාදියෙකු ලෙස ප්රකටව සිටීම ඊට හේතුව වී තිබේ. අමෙරිකාව මේ වනවිටත් චීනය සමග වෙළඳ යුද්ධයකට අවතීර්ණව සිටින අතර මතභේදාත්මක සෙන්කාකු දූපත සම්බන්ධයෙන් චීනය සිටින්නේ තායිවානය සමග අර්බුදයකය. මේ හේතුවෙන්ම එම ගනුදෙනුව හරහා රටවල් 03 අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්රවනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...