ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අයගේ කොළඹ පිහිටි නිවාස මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වටලා ඇත. එහිදී මෙම පුද්ගලයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර අද දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ. මේ අතර ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවෙන් ශ්‍රී ලංකාවට එවන ලෙසට ජාත්‍යන්තර පොලිසිය හරහා (Interpol) මේ වනවිට සිංගප්පූරුවට දැනුම් දී ඇත . ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් කටුනායක ගුවන්තොටුපලේදී ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය සුදානම්වී සිටී
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...