නව අග්‍රාමාත්‍යවරයෙකු යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව මෙම භාරකාර ආණ්ඩුව පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාට යෝජනා කරන බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂන සිදුකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් සහ කොප් කමිටු වාර්තාවෙන් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නම් ප්‍රකාශවී ඇති නිසා මෙම නඩු විභාගය අවසන් වනතුරු නව අග්‍රාමාත්‍යවරයෙකු සමග භාරකාර ආණ්ඩුවන් නිර්මණය කිරීම වඩාත් යහපත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ ගැන කඩිනමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කරන බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේෂ්ට අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...