දේශීය පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් නීතිමය ගැටළු කිහිපයක් මතුව තිබෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා අප කළ විමසීමකදී පැවසුවේය.
යම් රටක පුරවැසියෙකු වෙනත් රටකට ගොස් වරදක් සිදුකර ඇති බවට චෝදනා එල්ලවුවහොත් එම පුද්ගලයා මෙරටට ගෙන්වා ගත යුත්තේ උදර්පන නීතිය අනුව බවත් ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර උදර්පන ගිවිසුමක් අත්සන් කර නොමැති නිසා මෙම ගැටළුව මතුවී ඇති බවත් ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙයි.
එම නිසා මෙවැනි අවස්ථාවකදී ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නම් දෙරටේ තානාපතිවරුන් හරහා සාකච්ඡා කළ යුතු බවත් ඒ හැරෙන්නට වෙනත් විසඳුමක් නොමැති බවත් ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කරයි.
යම් ආකාරයකින් උදයංග වීරතුංග මහතා තමාට එල්ල කර තිබෙන චෝදනා වලින් නිදහස් වුවහොත් යන කාරණයද ඩුබායි බලධාරීන්ගේ සැළකිල්ලට ලක්වෙන නිසා උදයංග වීරතුංග මහතා ක්ෂනිකව ශ්‍රී ලංකාවට බාර නොදී තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට එම බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙන බව ප්‍රතිභා මහානාම හේවා මහතා සඳහන් කරයි.
උදර්පන නීතීයක් නොමැතිව උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට බාරදී යම් ආකාරයකින් එල්ලකරනු ලබන චෝදනා වලින් ඔහු නිදහස් වුවහොත් ඩුබායි බලධාරීන්ට එරෙහිට නීතිමය පියවර ගැනීමට උදයංග වීරතුංග මහතාට හැකි බවද ප්‍රතිභා මහානාම හේවා මහතා සඳහන් කරයි.
කුමරන් පසද්මනාදන් හෙවත් කේ. පී. මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට බාරදුන්නේ ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර උදර්පන ගිවිසුම අත්සන් කර තිබූ බවත් ගවන් යානා මංකොල්ලයකට සේපාල ඒකනායක මහතා ඉතාලියට භාර නොදුන්නේද ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර උදර්පන ගිවිසුම අත්සන් නොකර තිබූ නිසා බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More